පොලිසියෙන් ෂෙඩ් වලට ආරක්ෂාව ..! ෂෙඩ්කාරයන්ගෙන් මාධ්‍යවේදින්ට ප්‍රහාර ?

0
156
????????????????????????????????????

 

රට තුළ පවතින  ඉන්ධන හිඟය  හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල  මහජනයා  ඒකරාශිවීමෙන් ඇති වන  කළහාකාරී  සිදුවීම් වක්වා ගැනීම  සදහා   ඉන්ධන පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත  ක්‍රමයක්  ක්‍රියාත්මක කළ යුතු  බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ඉකුත් (28)  විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසන බව ලංකාදිප වෙබ් අඩවිය  වාර්තා කර තිබේ.

ගොවි අවශ්‍යතා,   කෘෂිකර්මාන්ත    සදහා යොදා ගන්නා   උපකරණ වලට  අවශ්‍ය     ඉන්ධන ලබා ගැනීම සදහා   බූලි රැගෙන  ජනතාව වෙත  බාධාවකින් තොරව  ඉන්ධන ලබා ගැනීම සදහාත්,  සංචාරක ක්ෂෙත්‍රයට අදාලව සංචාරකයන් ප්‍රවාහන කරන රථ   වාහන  සහ    අත්‍යාවශ්‍ය සේවාවන් වල  ගිලන්රථ,   ගිනි නිවීමේ රථ,   වෙනත් රෝගී ප්‍රවාහනය කරන රථ,   රථ  වලට   ප්‍රමුඛතාව ලබා දී   දීම සදහා අවශ්‍ය පියවර ගතයුතු බවද  පොලිස්පතිවරයා  සිය චක්‍රලේඛය මගින් දැනුම් දී ඇ

ඉන්ධන ලබා ගැනීම සදහා   වාහන පෝලිම්    පවතින අවස්ථාවල  තදබදය අවම කිරීම සදහා සහ    කළහාකාරි   සිදුවීම් වලක්වා ගැනීම සදහා    ඉන්ධනහල් අසලට   පොලිස් නිලධාරීන් යොදවා යෙදවිය යුතු බවටද  එම නිවේදනයේ  සදහන් වන බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග කියයි.

සෑම පොලිස්බල ප්‍රදේශයකම සාමය ආරක්ෂා කිරීමට සදහා රාජ්‍ය නිවේදිත  නිලධාරීන් සුදුසු පියවර ගත යුතු බවට ද   පොලිස්පතිරයාගේ   නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ඇතැම් ඉන්ධන හල් හිමියන් විසින් චණ්ඩියන් ලෙසින්ද හැසිරෙන්නට පටන් ගෙන තිබේ. සිරස මාධ්‍ය ආයතනයේ ඉල්ලිම පිට රාත්‍රි පුවත් වලට දැමිම සදහා මිගමුවේ ඉන්ධන හල් පිළිබද තත්වය ගැන විස්තර වාර්තාවක් ගැනිමට ගිය මාධ්‍යවේදි M.Z සහජාන් හට දළුපත සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේ හිමිකරු විසින් පහර දි  රජයේ මාධ්‍ය හැදුනුම් පත මෙන්ම දුරකථනයද ඉන්ධන පිරවුම් හලේ හිමිකරු විසින් උදුරා ගෙන ඇත.