පොලිසියේ නිළධාරින් දෙදෙනෙක් එකම දිනයේ එකම විදියට මියගිහින් ?

0
88

police 1police 2දංකොටුව මාවතගම කර්මාන්තපුර මාර්ගයේ බුජ්ජම්පොළ ප්‍රදේශයේ ඉකුත් 25 වෙනිදා රාත්‍රි සිදු මාර්ග අනතුරකින් දංකොටුව පොලිසියට අනුයුක්තව සේවය කල සැරයන්වරයෙකු මියගොස් ඇති බව දංකොටුව පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ වැලිපැන්නගහමුල්ල පන්නරේ ප්‍රදේශයේ පදිංචි රත්නායක මුදියන්සේලාගේ ඥාණවර්ධන නැමති 53 හැවිරිදි තිදරු පොලිස් නිළධාරියෙකි ඉකුත් නත්තල් දින සේවය කර නිවෙස බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි සිදු අනතුරකින් මෙම මරණය සිදු වි තිබේ මාර්ගය අසල තිබු බෝක්කුවක හා විදුලි කණුවක ගැටි බරපතල තුවාල ලබා සිටි පොලිස් නිළධාරියා දංකොටුව ප්‍රාදේශිය රෝහලට ඇතුල් ගෙනයන විටත් මියගොස් ඇති බව රෝහල් අරංචි මාර්ග පැවසීය මෙම අනතුර කුමන අකාරයෙන් සිදු වුවාද යන්න සොයා බැලිමට පරික්ෂණ සිදු කරන බව දංකොටුව පොලිස් රථවාහන අංශය කීය එමෙන්ම 25 වෙනිදා රාත්‍රියේම දංකොටුව පොලිසියට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල්වරයෙක්ද නාරම්මල කුරුණැගල මාර්ගයේ මීගහමුල්ල ප්‍රදේශයේදි මාර්ගයේ අසල ගසක යතුරුපැදිය ගැටි මියගොස් ඇති බව පොලිසිය කීය මෙලෙස මියගොස් ඇත්තේ කුරුණැගල උහුමිය ප්‍රදේශයේ පදිංචි රණසිංහ අරච්චිලාගේ අතුල උභයකීර්ති නැමති 47 හැවිරිදි දෙදරු පොලිස් නිළධාරියෙකි එකට සේවය කල පොලිස් නිළධාරින් දෙදෙනෙක් එකම දිනයේ මාර්ග අනතුරුවලින් මියයාම නිසා දංකොටුව පොලිස් ස්ථානයේ සියලුම නිළධාරින් දැඩි කම්පනයටත් ශෝකයටත් පත් වි ඇත
චන්දන ප්‍රනාන්දු