පොලිසිය බලන් ඉද්දි ජාතිවාදි කල්ලියක් නීතිය අතට ගන්න හදයි !

0
64
මුස්ලිම් ව්‍යාපාරිකයෙකු බිත්තර කඩයක් වහන්න යැයි බලකරන කණ්ඩායමක්
මුස්ලිම් ව්‍යාපාරිකයෙකු බිත්තර කඩයක් වහන්න යැයි බලකරන කණ්ඩායමක්
මුස්ලිම් ව්‍යාපාරිකයෙකු බිත්තර කඩයක් වහන්න යැයි බලකරන කණ්ඩායමක්.
බියටපත් මුස්ලිම් ව්‍යාපාරිකයා බිත්තර කඩය වසාදමයි
බියටපත් මුස්ලිම් ව්‍යාපාරිකයා බිත්තර කඩය වසාදමයි

පසුගිය කාලය පුරාවට රටතුල සිදුවු ඇතැම් ජාතිවාද කලබල වලදි පොලිසිය හැසිරුන අන්දම ගැන ඇත්තේ නිරන්තරයෙන්ම  බරපතල විවෙචනයකි.
ඒ ඇතැම් කල්ලිවලට නීතිය අතට ගැනිමට ඉඩදි ඔහේ බලා සිටිම නිසාය.
සුරුවම් කුඩුවක වීදුරුවකට කිසියම් කඩාකප්පල්කාරයෙකු විසින් එල්ල කරන ලද ගල්පහරක් මුල්කොට ගෙන මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව විරෝධයක් සේ එය මතුකරගන්නට වලිකන අතලොස්සක් වු ජාතිවාදි නඩයක් මේ වන විට දගලමින් සිටිති.මේ අය විසුරුවා හැර සාමය හා නීතිය ස්ථාපිත කිරිම පොලිසියේ මුලික වගකීමයි .
අදාල ප්‍රදේශයේ කඩ කිපයක්ම වසා දමන්නට යැයි කිසියම් පිරිසක්  බල කර ඇත්තේ පොලිසියද ඒ අසල සිටින විටය.
පොලිසිය සිටින්නේ නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නට නම් ජාතිවාදි කල්ලි නීතිය අතට ගන්නේ කෙසේද ?
ජාතිවාදය පෝෂණය කොට රටත් ජනතාවත් බිල්ලට දුන් රාජපක්ෂ රෙජීමය දැන් යළිත් වලිකන්නේ සිය බංකොලොත් දේශපාලනය යළි පණපෝවා  පවුල්වාදය පෝෂණය කිරිම සදහා බලය ලබාගැනිමටය.
ඒ වෙනුවෙන් දැන හෝ නොදැන පාවිච්චි වන කල්ලි කණ්ඩායම් තැන තැන සිටි.
එය කලින්ම නිරික්ෂණය කොට නීතිය නියමාකාරයෙන් ස්ථාපිත කිරිිමට පොලිසිය අපොහොසත් නම් ඊට වගකිවයුත්තේ කව්ද?