පොලිසිය මයුරිට සලකපු හැටි සහ දයාන් ලංසාට සලකන හැටි ?

0
61

????????????????????????????????????

මයුඅතුරුදන් කරවන ලද තම සැමියා වෙනුවෙන් වහා යුක්තිය ඉටු කරවා ගැනීම නිමිති කරගෙන මයුරි ජයසේන ගෝෆ්ෆේස් හි නිහඬ, සාමාකාමී විරෝධයක නියැළීම, ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම් බැන් කී මූන් මහතාට තර්ජනයක් වන ආකාරයට ඔහු නතර වී සිටි තරු පහේ හෝටලයට බලෙන් කඩා වැදීමට තැත් කිරීමක් ලෙස සාවද්‍ය අර්ථ නිරූපණයකට ලක් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් පිළිබද මාධ්‍ය විසින් වාර්තා කොට තිබුණි.

එමෙන්ම  “කුඩා දරුවන් ක්‍රෑරත්වයට පත් කිරීම” යන චෝදනාවද පොලීසිය විසින් ඇයට එල්ල කර තිබුණි
මයුරිට මහ පාරට බසින්නට සිදු ව ඇත්තේම තම සැමියා අතුරුදන් කිරීමට අදාළ පරීක්ෂණ කාර්යක්ෂමවත්, අපක්ෂපාතීවත් ඉටු කරන්නට පොලීසිය අසමත් වීම හෝ මග හැරීම මත පිහිටාය.
තම අතුරුදහන් වු සැමියා සොයා පාරවල් ගානේ විරෝධතා පවත්වන්නට තත්වයකට රට ඇද දමා සාමය ක්‍රමවත්භාවය බල්ලට දැමු ශ්‍රිලංකා පොලිසිය යහපාලනය යටතේදිවත් තවමත් පුනරුත්ථාපනය  වි නැති බැව් පෙනේ .
වසර 150 ක් පිරෙන් සමයක පොලිසිය විසින් කළ යුතුව ඇත්තේ තමන්ගේ වැරදි අඩුපාඩු ගැන  නිවරදි  සංගායනාවක්  පවත්වා ඒවා නිවරදි කරගැනිමය.
ජුනි 02 වනදා මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට මරාන්තික පහරදිමක් කිරිම සදහා සැලැසුම් කළ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා හා මැරයන් අතර සිදුව තිබුණ පැහැදිලි දුරකතන සංවාද 16 ක් එදින තිබියදි දයාන් ලංසාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරිම මීගමුව පොලිසිය විසින් පැහැදිලි ලෙසම මගහැර තිබේ.
පහරදිම සිදුකර ලද දිනයේ පෙ.ව 8.25 පස්වරු 1 ක් දක්වා දුරකථන සංවාද 16 ක් මේ මැරයන් සහ හිටපු නගරාධිපති දයාන් ලංසා අතර සිදුව තිබේ.
ඒ සියල්ල ගැන සදහන් දුරකතන දත්ත සටහන්ද පොලිසිය සතුය.
මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ වෙනුවෙන් පෙනි සිටි නිතිඥයන් අධිකරණයේදි මේ කරුණු ගැන පුන පුනා කිවද මහේස්සාත්‍රාත්වරයාද මේ පිටුපස සිටින අය තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙසින් කිවද  පහරදිමෙන් තෙමසක් ගතව තිබියදි පවා කිසිදු මීගමුව පොලිසිය තවමත් කිසිවක් කර නැත.
තම සැමියා ගැන බලාධාරින්ට කරුණු කිමට ඉඩලබාදෙන ඉල්ලිමන් අහිංසක ගැහැණියකට නීති කරුණු ඉදිරියට දමා නඩුදමන්නට යන බව සැලය.
එහෙත් ඒ පොලිසිය මීගමුවේදි මාධ්‍යවේදියෙකුට මරාන්තික පහරක් එල්ල කරන්නට කොන්ත්‍රාත් දුන් දයාන් ලංසාව කිසිවිටකවත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කළේ නැත.
මේ යහපාලනය යටතේ තවමත් ඇත්තේ මහින්ද රාපක්ෂලාගේ පොලිසියමදැයි අපට දැන් අසන්නට සිදුව තිබේ.

 

Save

Save