පොලිසිෙය් චණ්ඩියෙක් මීගමුවේ වෛද්‍යවරයෙකුට තර්ජනය කරලා.

0
95

යුද්ධෙ ඉවර වෙලා දැන් අවුරුදු 4 ක් වෙන්න එනවා නමුත් මහපාරට අාපුහම අපට ආයෙමත් යුද්ධ කාලේ මතක් කරල දෙන අය තාමත් එමටයි. එක්කෝ විදුලි වේගයෙන් හෝන් ගහගෙන ලයිට් ගහගෙන පාරේ යන  මැති ඇමැත්තෝ  ඒ කියන්නේ බහුතරයක් රටේ හොරු … මේ අයට ආරක්ෂාව දෙන්න යන අයටත් තියෙන්නේ මේ මහන්තත්වයමයි.
මේ අය හිතන් ඉන්නේ හරියට  ලොකු දේවල් කරන්න වගේ එයාලට හයියෙන් යන්න ඉඩ දෙන්න කියල.මීගමුවේ අපි දන්නෙ නැද්ද අපේ මැත්තෝ ඇමැත්න්ගේ කෙළි ඉතින් අනික් අය කොහොමද මෙයලාට වඩා වෙනස් වෙන්නේ .
අපි ඉතින් පාරේ ඉඩ දිපල්ලකෝ මේ රට කන හොරුන්ට….
ඒ කියන්නේ පාරවල්වල මෙගොල්ලෝ තමයි චණ්ඩි ….
ඊයේ රෑ 8.55 විතර මේ  පොලිස් චණ්ඩියෝ ටිකක් PE 6878දරන අංකය සහිත සුදු පාට කැබ් රථයකින් කොළඹ ඉදන් කොච්චිකඩේ පැත්තට යන අතරේ කුරණ හරියෙදි මීගමුවේ රෝහලේ වෛද්‍යවරයෙක්ට  චණ්ඩි පාට් එකක් දාල…
මේ වෛද්‍යවරයා තමන්ගේ බිරිඳත් දියණියත් සමගින් එයාගේ කාර් එකේ යනකොට  ලයිට් ගහගෙන හෝන් ගහගෙන යක්කු වගේ වේගයෙන් පස්සෙන් ඇවිත් .වම්පැත්තෙන් ඉස්සර කරගෙන යන්න හොදටම ඉඩ තියෙද්දි මේ චණ්ඩි ටිකකට ඕනවෙලා තියෙන්නේ දකුණෙන්ම ඉස්සර කරගෙන යන්න. කොෙහාම හරි මේ වෛද්‍යවරයාගේ මෝටර් රථය තප්පර ගාණකට පාරේ නැවතිලා මේ කැබ් එකේ චණ්ඩි ටික පාරේ දකුණෙ පැත්තේ අර තියෙන ඉරි උඩින් ඉස්සර කරල ඉතාම නින්දිත විදිහට මේ වෛද්‍යවරයා ට  බැනල….
පස්සේ මේ වාහනේ අංකය අරගන්න ඒ කැබ් එක පිටිපස්සෙන් වෛද්‍යවරයත් ගිහින් තියෙනවා . මුන් ටික කොප්පර හංදියේ කලර් ලයිට් එකවත් නොසලකා තමයි වේගයෙන් ගිහින් තියෙන්නේ.
මේ සිද්ධිය ගැන මේ වෛද්‍යවරයා මීගමුව පොලිසියේ පැමිණිල්ලකුත් කරලා තියෙනවා. මීට අමතරව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයත් දැනුවත් කරල තියෙනවා.
බලමු මිගමුව පොලිසිය මහත්තරු මේ නරුමයෝ ටික කව්ද කියල හොයල බලයිද කියල.අපි හැමෝම පාරෙදි අත්විදන මේ චණ්ඩින්ගේ වදේට දැන් වෛද්‍යවරයෙක් චැලෙන්ජ් කරල තියෙනවා.
බලමුකෝ මොකද වෙන්නේ .
මීපුර අප මේ ගැන හැම මොහොතකම අවදියෙන්