පොලීසියෙන් පාඩමක් ..

0
734

10570368_788155437873716_32156172924680223_n

ඊයේ එනම් සැප්තැම්බර් 17 වනදා කොච්චිකඩේ පොලීසිය විසින්  පාසල් සිසුන් වෙනුවෙන් සද්කාර්යයක නිරත විය. මාර්ග අනතුරු සම්බන්ධව පාසල් සිසුන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක  වු අතර  මෙදින  පෙරවරු 8.30 සිට 12.30 දක්වා මෙම වැඩසටහන පැවැත්විණි.
කොලඹ රථ වාහන මුලස්ථානය විසින් දිවයින පුරා ක්‍රියත්මක කරනු ලබන ‘පාසල් රිය නියාමක‘  සිසුන් සදහා රථ වාහන වැඩසටහන කොච්චිකඩේ පොලිස් රථවාහන අංශයේ සම්බන්ධීකරනය හා ‍යූනියන් ඇෂුරන්ස් සමබර දායකත්වය යටතේ, කොච්චිකඩේ පොලිස් ස්ථානාධීපති මව්සන් මහතාගේ ප්‍රදානත්වයෙන්  කොච්චිකඩේ මහා විදුහල් ශ්‍රවනාගාරයේදි හා කොච්චිකඩේ නගර මධ්‍යයේ ප්‍රායොගිකව ප්‍රදර්ශනය කළේය.

කොච්චිකඩේ පොලිස් වසම අයත් පාසල් 10  ක සිසුන් 300කගේ සහභාගිත්වයෙන් සිදු වු මෙම වැඩසටනෙහි රිය නියාමකවරුන් පුහුනු කිරීම, රිය නියාමක වරුන් සදහා පත්වීමේ ලිපි ලබා දීම හා සහතික පත් ලබා දීම, රිය නියාමකවරුන් සදහ ජැකට් ප්‍රදානය කිරීම සිදු කෙරිනි.

මෙහි ප්‍රධාන  දේශනය මිහිදු මාවත පොලිස් රථ වහන මුලස්ථානයේ උප පොලිස් පරික්ෂක සේනාධීර මහතා විසින් මෙහෙය වන ලදී.  කොච්චිකඩේ නගරයේදි කොලඹ රථවාහන මුලස්ථානයේ නිලධාරීන් විසින් ප්‍රායෝගිකව රිය අනතුරු සිදුවන ආකාරය හා මාර්ග භාවිතයේදි රියදුරන් පදිකයන් හා මගීන් සිදු කරන වැරදී හා  නිවැරදිව මාර්ගය භාවිතා කරන ආකරය සම්බන්ධව ප්‍රායෝගික සන්දර්ශනයක් පැවැත්විනි.නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කෙරුනු මෙම අවස්ථාව නැරඹිමට සිසුන් මෙන්ම අවට සිටි මගීන්ද සහභාගී වූහ.


10676128_788155694540357_5837314655180455559_n

10644971_788155464540380_6857263872706352232_n

10614189_788155721207021_6068252331208777740_n10646674_788155257873734_788605210665395488_n

10660369_788155194540407_682902472453801425_n10696174_788154974540429_5959969875332077462_n
10592694_788154954540431_5718770604886863927_n

සටහන සහ ඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත