පොහොට්ටුවේ මීගමු රැස්විම අසාර්ථකයි! මහින්දට කථාවත් එපාවෙයි!

0
143

IMG-c621571cfc1c3c03f7b100a972a89627-Vමීගමුවේ පොහොට්ටුවෙි රැස්විමට පැවැතියේ ඉතාමත් අඩු ජන සහභාගිත්වයකි.වෙනත් නගරවල පැවැති රැස්විම් හා සැසැදිමේ මෙය පැහැදිලිව පෙනේ.මේ නිසාමදෝ මහින්ද රාජපක්ෂ සිය කතාව කර තිබුනේ විනාඩි 5කටත් අඩුවෙනි.මීගමුවේ පොහොට්ටුවෙි දේශපාලනය ගොඩනැගිමට මුලික්තවය ගෙන වැඩකටයුතු කළ ප්‍රබල දේශපාලකයන් දෙදෙනෙකුම දැන් මීගමුවේ පොහොට්ටු දේශපාලන කටයුතු වලින් ඉවත්ව තිබේ.එයට ප්‍රධාන හේතුව වි තිබුනේ නිමල් ලංසාගේ කුමන්ත්‍රණයකාරි දේශපාලනයයි.ඒ අනුව අද මිගමු.රැස්විම අයියා මලෝ දෙදෙනාගේ ටු මෑන් ෂෝ එකක් වි තිබුණි.IMG-a91b865e43a9ae62e6ad91608a862ddd-Vමිගමුවේ ජේෂ්ඨතම දේශපාලනඥයකු වු සරත්.ගුණරත්න අඩුම තරමේ අද පැවැති පොහොට්ටුවෙි රැස්විමට පැමිණ තිබුනේද නැත.ඉතිහාසයේ කිසිදු දිනක සිදුනොවු අයුරින් ප්‍රධාන දේශපාලන පක්ෂයක ප්‍රධාන රැස්විමක් සදහා බාල්දිකොටුව වැනි ඉතාමත් කුඩා පිට්ටනියක් ගැනිමෙන්ම ඔප්පු වි තිබුනේ අයියා මලෝගේ ශක්තියේ තරමය.මේ කුඩාපිට්ටනිය පිරවිමට පවා සෙනග මීගමුවෙන් සොයාගැනිමට අපහසු වෙතැයි සිතා අද සෙනසුරාදා සතිපොල වසා දමා එහි වෙළදුන් බස්වලින් රැස්විමට ගෙනඒමට තරම් අසරණ තත්වයකට ලංසලා අද පත්ව තිබුණි.එපමණක් නොව තැඹිලි අලෙවි කරන අසරණ වෙළදුන්ට පවා දන්වා තිබුනේ වෙළදාම නවතා රැස්විමට පැමිණෙන ලෙසය.ඒ තරම් දේශපාලන අසරණභාවයකට ලංසා පවුල දැන් පත්ව තිබේ.අර්බුදයේ දිගපළල ගැන ඉතාමත් හොදින් දැනගැනිමට ඇති කරුණක් වන්නේ දයාන් ලංසා නගරාධිපති කිරිම සදහා ප්‍රධාන වැඩකොටසක් සිදුකළ දේශපාලන චරිත අද ලංසාලා එපාවි මගමැර ගොස් සිටිමය.