ඒ අනුව 2021 වසර සඳහා වන අයවැයට පක්ෂව පොහොට්ටු මන්ත්‍රීරු 08 දෙනෙකු පමණක් ඡන්දය ලබාදී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 09ක් එක්සත් ජනතා නිදහස් සන්ධනායේ මන්ත්‍රීවරු 05ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීරු තිදෙනා අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.
ඒ අනුව වැඩි ඡන්ද 09කින් අයවැය පරාජයට පත්වී තිබේ.
මේ අතර මිගමුවේ මෙන් රටේද අවධානය යොමුව ඇති මිගමුවේ අයවැයට සිදුවන්නේ කුමක්ද යන්න දේශපාලන කව අතර දැනටමත් සංවාදයක් මතුව තිබේ.
එජාප නාගරික මන්ත්‍රිවරුන්ම 19 සිටින මිගමුව යනු අයවැයක් පරාජය කිරිම සදහා වැඩිම ඉඩක් ඇති නගර සභාව ලෙසින් දේශපාලන කතිකාවන්හිදි හදුනාගෙන තිබේ.
නගරාධිපතිගේ පාළු කපන එජාප මන්ත්‍රිලා දෙන්නා
එහෙත් තමන් පත්කළ ජනතාවට පස්ස පැත්ත පෙන්වමින් රෙදි නැතිවම නගරාධිපති දයාන් ලංසාට කඩේ යන විපක්ෂයේ ප්‍රධාන මන්ත්‍රිවරුන් දෙදෙනෙකු මේ දිනවල දිනපතාම නගරාධිපතිවරයාගේ කාමරයට වි සිටින බවත් අයවැයට එරෙහිව දැනටමත් පෙළගැසෙමින් ඇති නාගරික මන්ත්‍රිවරුන්ට බැන වදින බවත් වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.
මිට අමතරව රු 5000 දිමනාවටද වංචා කරමින් සිය පවුලේ තිදෙනෙකුට ඒ මුදල ලබාගැනිමට කටයුතු කළ තවත් එජාප මන්ත්‍රිවරයෙකුද මේ අතර අතරවේ.ඔහු එජාප පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුගෙන්ද වෙනමම මාසික දිමනාවක් ලබාගන්නෙකු බවද කියැවේ
අයවැයට පක්ෂ නම් රු ලක්ෂ 2 කක පගාවක්
හැම උදයකම නගරාධිපතිවරයා හමුවේ කේලාම් කියන මේ එක් මන්ත්‍රිවරයෙකු පසුගිය දිනවල අයවැයට එරෙහිව ඡන්දය දිමට දැනටමත් පෙළගැසි ඇති නාගරික මන්ත්‍රිවරුන්ට කියා තිබුනේ අයවැයට පක්ෂ වන්නේ නම් රු ලක්ෂ 2 කක් නගරාධිපතිවරයාගෙන් අරන්දිමට තමන්ට හැකි බවය.
රනිල්ගේ පැත්තට සිග්නල් දමා ලංසා පවුල පැත්ත හැරවු එජාප මන්ත්‍රි .
තමන්ට ලැබෙන පාරවල් හා කාණු වල කොන්ත්‍රාත් නිසා එජාපයේ රනිල් පිළට සිග්නල් දමා දමා සිටි අයෙකුද මේ වන විට ලංසා පවුල පැත්තට හැරවිමට පටන් ගෙන ඇති බවද සැලය.ඔහු වෙනුවෙන් ලංසා පවුලේ කොන්ත්‍රාත් ලබාගැනිමට සිය ඥති පුතෙකු යොදවා ඇති බව මිගමුවේ ප්‍රසිද්ධ රහසකි
ජනතා ඡන්දයෙන් බිස්නස් කරන ටයිකෝට් මන්ත්‍රිලා
මේ ඇතැම් මන්ත්‍රිලා ජනතා ඡන්දයෙන් පත්වි දැන් සිය මන්ත්‍රිකම ඔවුන් ව්‍යාපාරික උවමනාවක් වෙනුවෙන් යොදා ගෙන ලංසා පවුලට ආවඩන ටයි කොට් මන්ත්‍රිලා බවට පත්ව ඇත. රෑට දෙකක් හොද හැටි සප්පායම් වු පසු මේ ඇතැමුන්ගේ ටයිකෝට් පොෂ් කථා රෙද්ද පල්ලෙන් බේරෙන හැටි දැන් කුප්‍රකට රහස් බවට පත්ව තිබේ
ජනතා ද්‍රෝහි මන්ත්‍රිලා ගැන සම්පුර්ණ විස්තර ලගදිම
මේ සියලු දෙනා පිළිබදව සම්පුර්ණ විස්තර කරුණු සහිතවම ඉදිරි දිනවලදි හෙළිකිරිමට අප බලාපොරොත්තු වන අතර ඒ අදාල මන්ත්‍රිවරුන්ට ඡන්දය දි මිගමුව මහනගර සබාවට පත්කර යැවු ඡන්ද දායකන්ගේ දැනගැනිමට සදහාය