පොහොට්ටුවට මුවාවි සිටින දුෂිතයන්ට එරෙහි වන්නට කිසිවිටකත් පසුබට නොවන බව ඇමති ඉන්දික කියයි !

0
115

ඉන්දික-අනුරුද්අප විසින් පළකරන ලද මිගමුව මහනගර සභාවේ ඉන්දික අනුරුද්ධ භීතියක් යන ප්‍රවෘත්තිය පිළිබදව මිපුර අමතා කථා කරමින් නිවාස රාජ ඇමති ඉන්දික අනුරුද්ධ සිය ප්‍රතිචාරය මෙසේ දක්වා සිටියේය
ඔහු  විසින් මෙහිදි අවධාරණ කරන්නට  යෙදුනේ මිගමුවේ පොහොට්ටුව ගොඩනැගිමට අනික් අය මගහැර සිටියදි තමන් ඒ වෙනුවෙන් මිගමුවෙ අනිකුත් ජේෂ්ඨයන් හා එක්ව ඊට මුල පිරු බවය.
තතු එසේව තිබියදි මිගමුවේ පොහොට්ටු අයවැය පැරදිමට කිසිදු උවමනාවක් තමන්ට නැති බවත් , කව්රුන් හෝ පොහොට්ටුවට මුවාවි දුෂිත වැඩ වල යෙදෙන්නෙ නම් ඒ අයට එරෙහි වන ජනතාවත් සමගින් රටේ ඕනැම තැනකදි තමන් සිට ගන්නා බවද අවධාරණය කලේය.
පසුගිය මැතිවරණයේදි මිගමුව ජයග්‍රහණය කරා මෙහෙයවිමට මේ පදනම යටතේ තමන්ද නායකත්වය දුන් බව තවදුරටත් ඔහු  කියා සිටියේය.
රජයේ වැඩ පිළිවෙලට හෝ ජනපතිගේ දැක්මට එරෙහිව යමින් කිසියම් පිරිසක් දුෂිතයන් ලෙසින් ජනතාව පෙළන්නේ නම් ඒ දුෂිතයන්ට එරෙහිව මිගමුවේ පමණක් නොව රටේ ඕනෑම තැනකදි ඉන්දික අනුරුද්ධ හිටගන්නා බවත් අවධාරණය කලේය.

මිගමුව නගරාධිපතිවරයා පසුගිය කාලය තුල ඉන්දික අනුරුද්ධ හා එක්ව දේශපාලනයේ නියැලුන මිගමු නගර සභා සේවකයන් කීපදෙනෙකු ගෙන්ම පළිගෙන තිබුන අයුරුද අප වාර්තා කළෙමු.
කෙසේ වෙතත් මිගමුව තුල පොහොට්ටුවේ  ක්‍රියාකාරිත්වය ඔසවා තැබිම සදහා හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න ,හිටපු පළාත් සභා මන්ත්‍රි සකාවුල්ලා සහ ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු වන කපිල නන්දසුලෝචන හා එක්ව ඉන්දික අනුරුද්ධ විසින් සිදුකරන ලද දේශපාලන මැදිහත්විම මත ලංසා පවුල ගැන කළකිරුණ පොහොට්ටු ක්‍රියාකාරින් රැසක් ඉන්දික අනුරුද්ධ හා මේ වන විට එක්වෙමින් සිටින මීගමු දේශපාලන සමාජය තුල ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබේ.
එමෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුව මීගමුවේදි පරාජයට පත්ව වුවද පොහොට්ටු නගර සභා පාලනයක් මිගමුව තුල ස්ථාපිත කිරිම සඳහා එවකට මිගමුවේ අධීක්ෂණ මන්ත්‍රීවරයා විසින් සිදුකරන්නට යෙදුන තිරාණාත්මක මැදිහත්විමද අද මිගමුවේ ඇතැම් දේශපාලකයන්ට අමතකව තිබෙන හැටි ගැනද මිගමුවේ දේශපාලන කව අතර මේ වන විට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.