පොහොට්ටුවේ ප්‍රබලයන් රැසකගේ දායකත්වයෙන් මිගමුව ජයගන්නා ලකුණු …..

0
79

poru 7ගම්පහ දිස්ත්‍රික්කයේ දැනටමත් කථා බහට ලක්වෙමින් ඇති නිල නොවන ප්‍රථිවලට අනුව වැඩිම අවධානයක් යොමුව ඇති ආසනය බවට පත්වෙමින් ඇත්තේ මිගමුවයි. පසුගිය කාලය තුල පිට පිටම මැතිවරණ ගණනාවක් එජාපය ජයග්‍රහණය කළ මීගමුව මෙවර වෙනසක් ලකුණු කර ඇති බව දැනටමත් වාර්ථා වෙමින් තිබේ.
මේ පිළිබදව මිපුරට අදහස් දැක්වු පොහොට්ටුවේ ජේෂ්ඨ ක්‍රියාකාරිකයෙකු කියා සිටියේ ජයග්‍රාහි වෙනස සදහා හිටපු නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න ,රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ, හිටපු පලාත් සභා මන්ත්‍රි සකාවුල්ලා සහ නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන තිරාණාත්මක බලපා ඇති බවයි.

මේ අනුව නිල නොවන ප්‍රතිඵල වලට අනුව මිගමුව ආසනය වැඩිඡන්ද 12200 කින් පමණ මිගමුව ජයගෙන ඇතැයි වැඩිදුරටත් ඔහු පවසා සිටියේය.
මිගමුවේ ජයග්‍රහණයට උප්පැන්න ලියාගන්නට නිමල් ලංසා ඇතුළු පාර්ශවය සුදානම් වෙමින් සිටියද ඔවුන් නායකත්වය දුන් අල්හිලාල් සහ වැල්ලවිදිය ඡන්ද මධ්‍යස්ථාන වලින් පොහොට්ටුව මෙවරද පරාද වි ඇතැයි සදහන් කළ පොහොට්ටු ජේෂ්ඨ දේශපාලකයෙකු මිපුරට කියා සිටියේය.
මේ ඡන්ද මධ්‍යස්ථාන දෙක සඳහා නායකත්වය දි තිබුණේ මිගමු මහනගර සභාවේ නගරාධිපති දයාන් ලංසා සහ නියෝජ්‍ය නගරාධිපති ෆරිස් යන අයවලුන්ය. ඔවුන් මේ වෙනුවෙන් ලක්ෂ ගණනක් මුදල් වැය කර තිබුණද නිමල් ලංසාටද ඒ ඡන්ද මධ්‍යස්ථාන ජයගැනිමට නොහැකි වි තිබේ.
මේ අතර ජාතික ජන බලවේගය මිගමුවේදි මෙතෙක් ලබාගත් ඡන්ද ගණනට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මෙවර මැතිවරණයේදි ලබාගෙන ඇති බවද සැලය.