spot_img
spot_img
Tuesday, September 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Editor's Choice පොහොට්ටු භීෂණය හම්බන්තොටින් වීදි බසියි : මෙන්න ජායාරූප සාක්ෂි !

පොහොට්ටු භීෂණය හම්බන්තොටින් වීදි බසියි : මෙන්න ජායාරූප සාක්ෂි !

0
195

තම අපේක්ෂකයා  දිනපතා ලබන  ජනතා අප්‍රසාදය හමුවේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් වියරු වැටුණු ස්වභාවයක් දක්නට තිබේ.

ඊට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ හම්බන්තොට වීරවිල  ප්‍රදේශයෙනි.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ වීරවිල ප්‍රදේශයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අමිල අබේකෝන් සහ ඔහුගේ පියාටත්, සහෝදරයාටත්  එල්ල කල මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබීමයි.

පොදුජන පෙරමුණේ මැරයන් වෙතින් ප්‍රහාරයට ලක්වූ මොවුන් මේ වන විට තංගල්ල සහ මාතර රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
ඉමේජ් ටික දාන්න

මේ මැර ප්‍රහාරය දියත් වන්නේ පාතාලය සහ කුඩු ජාවාරම් පාලනය කිරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසා පැය 24 ක් ඉක්ම යන්න පෙරය.

ඔහු මෙම අදහස් පළ කළේ, මාතර වැලිගම ඊයේ (20) පැවති ජන රැළියක් අමතමිනි.

ගෝඨා මොනවා කිව්වත් වැඩ මෙහෙමයි !

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුව ඇත. ගෝඨාභය රාජපක්ෂ කට අරිනවිට නම් ඒ කතාව අමුතුවෙන් කිවයුතු නැත්තේ රාජපක්ෂ රෙජීම පාලන සමයේ  ලංකා සමාජය වනසන්න ඔවුන් විසින්ම සංවිධානාත්මකව මුදාහළ විෂබීජ නසන බව ගෝඨාභයගේ කතා වලින් හෙළිවීමය.

අද ගෝඨාභය නැතිකරනවා කියන පාතාලය ගැනත් කුඩු ජාවාරම් ගැනත් කියන්න ඇත්තේ ඒ ටිකමය. උක්කුවලා, වම්බෝට්ටලා, අමිජිනේලා, ජුලම්පිටියේ අමරෙලා යොදවා  හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පාතාලය ක්‍රියාත්මක කරවූයේ අන් කවුරුවත් නොව රාජපක්ෂලාය.

2014.මැයි.22 දා නාමල් රාජපක්ෂගේ නිල් බලකායට විරුද්ධ වූ අමිල හිත්ප්‍රිය රාජපක්ෂ නමැත්තාට දෙනෝ දහසක් බලා සිටියදී තංගල්ල අධිකරණය ඉදිරිපිටදී වෙඩි තැබුවේ පල්ලිකුඩාවේ උක්කුවා විසින්‍ ය. එම ඝාතනය  නාමල් රාජපක්ෂ සහ මූර්ති කොඩිතුවක්කුගේ මෙහෙයැවීම මත උක්කුවා විසින් සිදුකරන ලද්දක් බව පොලිසියට ලබා දී තිබූ කට උත්තර වල පවා සඳහන් වී ඇත. එම සිද්ධියෙන් පසු උක්කුවා ආරක්ෂිතව සඟවා ගත්තේද නාමල් රාජපක්ෂ විසින් කාල්ටන් නිවසේ ය.

නෙත්ති හොටලය ලග මහා දවාලේ දෙදෙනෙකු ඝාතනය කලේත් මේ කියන උක්කුවා මය. ඒ උක්කුවා අනෙක් පසින් ප්‍රසිද්ධව සිටියේ නාමල් රාජපක්ෂගේ ප්‍රධාන බොඩිගාඩ් ලෙසය.   මිනීමැරුම් 7කට සම්බන්ධ, මිනීමැරුම් නඩුවකට සැකකරුවකු වූ නිල්බලකායේ ප්‍රබල සාමාජිකයෙකු වන ජයවීර පටබැඳිගේ ඉන්දික ප්‍රසන්න හෙවත් පල්ලිකුඩාවේ උක්කුවා යනු  කදුරු පොකුණේ  නිවසේදී වෙඩි තබා මරණ විට ඔහු සතු ක්ශේෂ පත්‍රය විය. ඒ ක්ශේෂ පත්‍රය හිමි උක්කුවා   නාමල් රාජපක්ෂගේ පාතාල කටයුතු මෙහෙය වූ පුද්ගලයා නොවුවා නම්  තංගල්ල නගරයේ මහින්ද රාජපක්ෂ ජීවත්වූ ආදී ආරක්ෂක කලාපයක හිතුමතේ මිනීමරන්න ලැබෙන්නේ නැත.

නාමල් රාජපක්ෂ පමණක් නොව ජනාධිපති අපේක්ෂකයාව සිටින ඔහුගේ බාප්පා වූ ගෝඨාභය කියන්නේද හිතුමතේ පාතාලය නඩත්තු කල අයෙක් බව නොදන්නේ කවුද ? එවකට ආරක්ෂක බුද්ධි නිලධාරීන්, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටි නිලධාරීන් පවා කුඩු බිස්නස්වලට යොමුකරවා අමාරුවේ දැම්මේ කවුද යන්න රන්ගජීවගෙන් ඇසුවා නම් කාටත් හොඳින් දැනගන්න ලැබෙනු ඇත. වැලිකඩ බන්ධනාගාරයට පැන කුඩු හොයනවා කියා සිදුකල සිරකරු ඝාතනයද ගෝඨාභයගේ පාතාලයේ විරුද්ධවාදීන් ඝාතනය කරවීමේ තුච්ච ක්‍රියාවක් බව මේ වන විටත් තහවුරුව හමාරය. බාප්පා පුතාලගේ පාතාල සහ මත්ද්‍රව්‍ය විරෝධය එසේ වන විට එදා ජනාධිපති අප්පොච්චා, මත්ද්‍රව්‍ය වැටලීමක් හමුවේ අසරණ වූ  නිමල් ලන්සා බදාගත්තේ, මත්ද්‍රව්‍ය මඩින්නට දෙන සහය පෙන්වීමටද යන්නත් ප්‍රශ්න නොකර සිටිය නොහැකිය.

මේ රාජපක්ෂලා දශකයක් තුල ගොඩනැගු කුඩු පාතාලයේ අංශු මාත්‍රයක් පමණය. තවත් දිගහරින්නට ඇති මගා දුඟදක් සහිත ඉතිහාසයක් රාජපක්ෂ නමට වෙන්ව ඇත. එහෙත් ඒ  දුඟද පිරි  ඉතිහාසය ශිෂ්ට සමාජයට අප්‍රසන්නය. නමුත්  ඒ ඓතිහාසික කුණු ගොඩ අවුස්සන්න ඉඩනොදීමේ වගකීම ඇත්තේත් ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුර වෙතය.

තරහා අවසර ගෝඨාභය, පාතාලය නැති කරන මත්ද්‍රව්‍ය ජාවාරම නවතනවා කියන ප්‍රෝඩා නැතුව ඉතිහාසයේ සිදුකල වැරදි වලට ජනතාවගෙන් සමාව ගන්න. යලිත් ඒ අධම යුගයට නොයන බව සඵතකර මහත්තයෙක් වගේ වේදිකාවට එන්න. ජනතාව ඒවාටත් රැවටෙනවාද නැද්ද යන්න නොවැම්බර් 16 තීන්දු කරනු ඇත.

ඊට ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ හම්බන්තොට වීරවිල  ප්‍රදේශයෙනි.

ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ වීරවිල ප්‍රදේශයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන අමිල අබේකෝන් සහ ඔහුගේ පියාටත්, සහෝදරයාටත්  එල්ල කල මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබීමයි.
පොදුජන පෙරමුණේ මැරයන් වෙතින් ප්‍රහාරයට ලක්වූ මොවුන් මේ වන විට තංගල්ල සහ මාතර රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.
IMG 20191021 WA0010

IMG 20191021 WA0011

IMG 20191021 WA0012

IMG 20191021 WA0013

IMG 20191021 WA0014

 මේ මැර ප්‍රහාරය දියත් වන්නේ පාතාලය සහ කුඩු ජාවාරම් පාලනය කිරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසා පැය 24 ක් ඉක්ම යන්න පෙරය.
ඔහු මෙම අදහස් පළ කළේ, මාතර වැලිගම ඊයේ (20) පැවති ජන රැළියක් අමතමිනි.
ගෝඨා මොනවා කිව්වත් වැඩ මෙහෙමයි !
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුව ඇත. ගෝඨාභය රාජපක්ෂ කට අරිනවිට නම් ඒ කතාව අමුතුවෙන් කිවයුතු නැත්තේ රාජපක්ෂ රෙජීම පාලන සමයේ  ලංකා සමාජය වනසන්න ඔවුන් විසින්ම සංවිධානාත්මකව මුදාහළ විෂබීජ නසන බව ගෝඨාභයගේ කතා වලින් හෙළිවීමය.
අද ගෝඨාභය නැතිකරනවා කියන පාතාලය ගැනත් කුඩු ජාවාරම් ගැනත් කියන්න ඇත්තේ ඒ ටිකමය. උක්කුවලා, වම්බෝට්ටලා, අමිජිනේලා, ජුලම්පිටියේ අමරෙලා යොදවා  හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා පාතාලය ක්‍රියාත්මක කරවූයේ අන් කවුරුවත් නොව රාජපක්ෂලාය.

 2014.මැයි.22 දා නාමල් රාජපක්ෂගේ නිල් බලකායට විරුද්ධ වූ අමිල හිත්ප්‍රිය රාජපක්ෂ නමැත්තාට දෙනෝ දහසක් බලා සිටියදී තංගල්ල අධිකරණය ඉදිරිපිටදී වෙඩි තැබුවේ පල්ලිකුඩාවේ උක්කුවා විසින්‍ ය. එම ඝාතනය  නාමල් රාජපක්ෂ සහ මූර්ති කොඩිතුවක්කුගේ මෙහෙයැවීම මත උක්කුවා විසින් සිදුකරන ලද්දක් බව පොලිසියට ලබා දී තිබූ කට උත්තර වල පවා සඳහන් වී ඇත. එම සිද්ධියෙන් පසු උක්කුවා ආරක්ෂිතව සඟවා ගත්තේද නාමල් රාජපක්ෂ විසින් කාල්ටන් නිවසේ ය.

නෙත්ති හොටලය ලග මහා දවාලේ දෙදෙනෙකු ඝාතනය කලේත් මේ කියන උක්කුවා මය. ඒ උක්කුවා අනෙක් පසින් ප්‍රසිද්ධව සිටියේ නාමල් රාජපක්ෂගේ ප්‍රධාන බොඩිගාඩ් ලෙසය.   මිනීමැරුම් 7කට සම්බන්ධ, මිනීමැරුම් නඩුවකට සැකකරුවකු වූ නිල්බලකායේ ප්‍රබල සාමාජිකයෙකු වන ජයවීර පටබැඳිගේ ඉන්දික ප්‍රසන්න හෙවත් පල්ලිකුඩාවේ උක්කුවා යනු  කදුරු පොකුණේ  නිවසේදී වෙඩි තබා මරණ විට ඔහු සතු ක්ශේෂ පත්‍රය විය. ඒ ක්ශේෂ පත්‍රය හිමි උක්කුවා   නාමල් රාජපක්ෂගේ පාතාල කටයුතු මෙහෙය වූ පුද්ගලයා නොවුවා නම්   තංගල්ල නගරයේ මහින්ද රාජපක්ෂ ජීවත්වූ ආදී ආරක්ෂක කලාපයක හිතුමතේ මිනීමරන්න ලැබෙන්නේ නැත.

නාමල් රාජපක්ෂ පමණක් නොව ජනාධිපති අපේක්ෂකයාව සිටින ඔහුගේ බාප්පා වූ ගෝඨාභය කියන්නේද හිතුමතේ පාතාලය නඩත්තු කල අයෙක් බව නොදන්නේ කවුද ? එවකට ආරක්ෂක බුද්ධි නිලධාරීන්, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටි නිලධාරීන් පවා කුඩු බිස්නස් වලට යොමුකරවා අමාරුවේ දැම්මේ කවුද යන්න රන්ගජීවගෙන් ඇසුවා නම් කාටත් හොඳින් දැනගන්න ලැබෙනු ඇත. වැලිකඩ බන්ධනාගාරයට පැන කුඩු හොයනවා කියා සිදුකල සිරකරු ඝාතනයද ගෝඨාභයගේ පාතාලයේ විරුද්ධවාදීන් ඝාතනය කරවීමේ තුච්ච ක්‍රියාවක් බව මේ වන විටත් තහවුරුව හමාරය. බාප්පා පුතාලගේ පාතාල සහ මත්ද්‍රව්‍ය විරෝධය එසේ වන විට එදා ජනාධිපති අප්පොච්චා, මත්ද්‍රව්‍ය වැටලීමක් හමුවේ අසරණ වූ  නිමල් ලන්සා බදාගත්තේ, මත්ද්‍රව්‍ය මඩින්නට දෙන සහය පෙන්වීමටද යන්නත් ප්‍රශ්න නොකර සිටිය නොහැකිය.

newstube.lk