පොහොට්ටු මන්ත්‍රිලා පිටිපනදි පසු බසී ! 7 කල්ලිය වැඩට බසී !

0
114

පිටිපන ප්‍රදේශයේ සිදුකරගෙන යන දියර පොහොර නිෂ්පාදන වැඩපිළිවෙලක් නිසා ප්‍රදේශවාසින් දැඩි අපහසුවකට පත්ව ඇත්තේ ඉන් වහනය වන දුගද හේතුවෙනි.
පිටිපන ප්‍රදේශයේ පැවැති මත්‍යස්‍ය අභිජනන මධ්‍යස්ථානය මේවන විට දියර පොහොර නිෂ්පාදනය සදහා යොදාගෙන තිබේ.
රටපුරාම මත්‍යස්‍ය පැටවුන් බෙදාහැරිමට අභිජනන කටයුතු සිදුකරන ලද මෙම ස්ථානය දැනට වසර ගණනාවක සිට වසා දමා තිබුන අතර දැන් එහි මත්‍යස්‍ය අපද්‍රව්‍ය යොදාගෙන මෙම පොහොර නිෂ්පාදනය සිදුකිරිම අරභා තිබේ.
ප්‍රදේශවාසින් මුහුණ දෙන මෙම ගැටළුවට පිළිතුරු සෙවිම සදහා ප්‍රදේශයේ පොහ‌ොට්ටුවේ මන්ත්‍රිවරිය සහ මන්ත්‍රිවරුන් මේ වන විට කිසිදු මැදිහත්විමක් නොකරන බව වාර්තාවේ.
මිගමුව මහනගර සභාවේ 7 කල්ලිය නමින් ප්‍රකට විපක්ෂයේ පිරිස මේ වන විට පිටිපන ජනයාගේ ජනජිවිතයට හානිකරමින් ඇති මෙම ව්‍යාපෘතිය ගැන අදාල බලධාරින්ට පැමිණිලි කරමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට පටන් ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here