පොළ ටෙන්ඩරය අහෝසියි ? කප්පම් ගත් මන්ත්‍රිලා හැංගිලා ?

0
31

MC membersමීගමුව මහනගර සභාව විසින් 2016 වසර සදහා 10%ක් වැඩිකරමින් ලබාදි තිබුන පොළ ටෙන්ඩරය අහෝසි කරන ලෙස පළාත් පාලන කොමසාරිස්වරිය දැනුම් දි ඇතැයි වාර්ථා වේ.
මේ නිසා අදාල ටෙන්ඩර්කරු අර්බුදයට ගොස් ඇත්තේ මෙම ටෙන්ඩරය ලබාගැනිම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ  මෙන්ම විපක්ෂයේද මන්ත්‍රිවරුන්ද 7 දෙනෙකු  සදහා ලක්ෂ ගානක කප්පම් මුදලක් ගෙවා ඇති හෙයිනි.
ටෙන්ඩරය අහෝසි වෙන්නට නියමිත පසුබිමක අදාල ටෙන්ඩර්කරු දැන් තමන් විසින් ලක්ෂ ගාණක් මුදල් ලබාදුන් මන්ත්‍රිවරුන්ගෙන් ආපසු මුදල් ඉල්ලා සිට ඇතැයිද වාර්ථා වේ.මේ ඇතැම් මන්ත්‍රිවරුන් දැන් හැංගෙන්නට පටන් ගෙන ඇතැයිද සැලය.
මෙහි දෛවයේ සරදම වන්නේ මෙම ටෙන්ඩර්කරු වන්නේද ආණ්ඩු පක්ෂයේම නාගරික මන්ත්‍රිවරයෙකි.