පොළ ටෙන්ඩර්කාරයන්ගේ කප්පම් සෙල්ලම නවත්වන්න යහපාලන නායකයන් සුදානම්ද ?

0
68

Unp win 3මීගමුවේ නත්තල් පොළ මෙන්ම ඉරිදා සහ බදාදා පොළවල්ද මේ වන විට ටෙන්ඩර් කොට හමාරය.
නත්තල් පොළ මහතුන් නැමැත්තෙකු විසින් ටෙන්ඩරය හිමිකරගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය කාවින්ද ජයවර්ධනගේ ආධාරකරුවෙකු  වන බැග්ඩැඩ් නැමැත්තෙකු පුර්ණ සහය මේ සදහා හිමිව තිබේ.
ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව වර්ග අඩියක් උපරිම මිළ කළ හැක්කේ රුපියල් 1500 කටය.
එහෙත් මේ නත්තල් සමයේ දැනටමත් නගරයේ ඇතැම් ස්ථාන කිසිදු ටෙන්ඩර් කොන්දේසියකට යටත් නොවි ලක්ෂ ගණනින් අලෙවි වන්නට පටන් ගෙන තිබේ.
දැන් මේ කප්පම් සෙල්ලම පාලනය කරන්නට යහපාලන බලවතුවන්ට වැඩපිළිවෙලක් තිබේද?
නගර සභාවේ නිළධාරින් සුදානම්ද ?
මේ නගරයේ දුෂිත පාලනය ගැන බරපතල හෙළිදරව් කිරිම් හරහා වැඩි ඡන්ද 31000කින් දිනවු ජනයාගේ බලය දැන් පෙන්වා සිටින්නට කාලයයි.