සුන්දර පරිසරයක්වූ මෝර වල වෙරළ තීරය ජූලි 18, 19, 20 යන දිනවලදී පැවති කුනාටුවත් සමඟ පැමිණි මුහුදු රළ නිසා විශාල ලෙස ඛාදනය විය . කුඩා පැල්පත් කිහිපයක් ජල රකුසා ව්සින් බිළිගන්නා ලදී .
මෙසේ ඛාදනයට ලක්වූ නිවාස අතර ස්ථිර නිවසක් ලෙස තිබුනු සුජිත් නාමල් මහතාගේ නිවසද විය. මේ තත්වය මත සුජිත් තම බිරිඳ සහ දරුවන් 4 දෙනා සමඟ මෙම නිවස වසාදමා ඤාතියෙකුගේ නිවසකට ගොස් තාවකාලිකව සිටින අතර එම මුහුදු ඛාදනයට ලක්වූ නිවසේ පදිංචිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහනම් කරන ලදී .
මෙම තත්වය මත තමන්ට ස්ථිර ස්ථානයක් ඉල්ලාග මීගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගිය බවත්, එහිදී ඔහුට ජීවත්වීම සඳහා ස්ථානයක් ලබාදීමට ප්රා .ලේකම් තුමිය පොරෙන්දුවූ බවත් සුජිත් නාමල් මහතා පවසයි . එසේම කුඩා ගඟ අසල යම්ඉඩක් තිබෙන බවද ඔහු ඒගැන ප්රා.ලේකම් තුමිය දැනුවත් කළ බවද සුජිත් පවසයි . මේ අනුව ඔහු එකී ස්ථානයේ කුඩා මඩුවක් අටවා තම දරුවන් සමඟ එහි පදිංචි වී ඇත .
අවට ගම්වාසීන් ගෙන් බහුතරයක් තමන් එම ස්ථානයේ සිටීම පිළිබඳව විරුද්ධත්වයක් නැති බවත් මේ තත්වය මත තමන්ගේ රස්සාවද කරගත නොහැකිව ඔහු අසරණ තත්වයකට පත්වී ඇති බවත් , කලින් සිටි නිවසේ ස්වර්ණ භූමි ඔප්පු තිබෙන බවත් , ඒනිසා සියළු වගකිවයුත්තන්ගෙන් , තම බිරිඳ සහ දරුවන් සමඟ ජීවත්වීම සඳහා තැනක් ඉල්ලා සිටින බවත් තවදුරටත් ඔහු ප්රකාශ කරයි.
මුහුද රළුවී කුනාටුවත් සමඟ නිවාස ඛාදනයට ලක්වී ඇත්තේ මේ අයගේ වරදක් නිසා නොව . සුනාමියටවත් කිසිදු කරදරයක් සිදුනොවූ බව ඔවුන් පවසයි . ඒ අනුව ඊට ආසන්න හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෝට්සිටිය සඳහා වැලි හෑරීමයි. ඒනිසා ජීවත්වීම සඳහා සුජිත් නාමල් කරන ඉල්ලීම සාධාරණ එකක් බව අපගේ විශ්වාසයයි .