”පෝඩු” දැල් දාන්න මුහුදු ගියොත් අත්අඩංගුවට ?

0
45

fishermen at the meetingමීගමුවේ සාම්ප්‍රදායික සුළුපන්න ධිවරයන්ට හිරිහැර වන අන්දමින් මීගමුව හා අවට මුහුදුතිරයන්හිදි  යාන්ත්‍රික කුඩා බෝට්ටු භාවිතා කරමින් සිදුකරනු ලබන පෝඩ් දැල්ල පන්න ක්‍රමය මුළුමනින්ම තහනම් කිරිමට ධීවර බලධාරින් දැන් පියවර ගෙන තිබේ.
යාන්ත්‍රික බෝට්ටුවක ආධාරයෙන් වටකෙරෙන මේ දැල් පන්න ක්‍රමය වෙරළේ සිට කිලෝ මිටරයකටත් අඩුදුරකින් සිදුකෙරෙන බව සාම්ප්‍රදායික තෙප්පම් රැකියාකරුවෝ පවසති.
මේ හේතුව නිසා එක් වරකට විශාල මත්‍යස්‍ය ප්‍රමාණයක් හසුකරගැනිමට මේ පෝඩු දැල් ක්‍රමය යොදා ගැනේ

මේ නිසා තෙප්පම්කරුවන්ට සහ රුවල් ඔරු ධිවරයන් මහත් ගැටළුවකට මුහුණ පා තිබුණි.
පසුගිය 14 වෙනිදා මීගමුව ධීවර කාර්යාලයට රැස්වු සාම්ප්‍රදායික සුළු පන්න රැකියා කරුවන් ධීවර කාර්යාල නිළධාරින් මෙන්ම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිළධාරින්ද මෙන්ම ප්‍රදේශයේ කතෝලික පියවරුන්ද පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.