පෝලන්ත ජොබ් දෙන හොර ඒජන්සි වලට අහුවෙන්න එපා!

0
170
sharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
( 9.00 am ) පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියාඅපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ ජාවාරමක් හෙළිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාජ රැකියා නියෝජිත ආයතන විසින් මෙම ජාවාරම සිදුකරන බවට කරුණු හෙළි වී තිබෙන බවයි එම නිවේදනය පවසන්නේ.

කෙසේ නමුත් එම ඒජන්සි මොනවාද යන්න එම මාධ්‍ය නිවේදනය මගින් හෙළි කර නැත.

පෝලන්තයේ රැකියා ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම රැකියා බලපත්‍රයක් තිබිය යුතු බව පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

එම නිසා කිසිදු අවස්ථාවක පෝලන්තයේ රැකියා බලපත්‍රයක් නොමැතිව, ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිතායතන වෙත කිසිඳු මුදලක් නොගෙවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, රැකියා අපේක්ෂිතයන්ගෙන් ඉල්ලා සිටී.

මුදල් ගෙවීමට පෙර පෝලන්තයේ රැකියා බලපත්‍රයක් ඇති බවට තහවුරු කරගන්නා ලෙසත් සැකයක් ඇත්නම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ ගැන විමසන ලෙසද කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ට දැනුම් දෙයි.

මුදල් ගෙවීමට පෙර පෝලන්තයේ රැකියා බලපත්‍රයක් ඇති බවට තහවුරු කරගන්නා ලෙසත් සැකයක් ඇත්නම්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඒ ගැන විමසන ලෙසද කාර්යාංශය රැකියා අපේක්ෂිතයන්ට දැනුම් දෙයි.

 

හොර ඒජන්සි:

හොර ඒජන්සි ආයතන හරහා විදෙස් ගත වු ශ්‍රී ලාංකිකයන් විසි හත් දෙනකු මේ වසරේ ගත වු කාල සීමාව තුලදී රුසියානු බලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබුනි.

ව්‍යජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා යවන ශ්‍රී ලාංකිකයන් එරටදී නීතියේ රැහැනට අසුවන බැවින් හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවටෙන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නොවැම්බර් මාසයේදී  ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා තිබුනි.

කෙසේ නමුත් එම ඒජන්සි මොනවාද යන්න එම මාධ්‍ය නිවේදනය මගින් ද  හෙළි කර තිබුනේ නැත.
theleader.lk