පෞරාණික වටිනාකමක් ඇති කාමච්චෝඩේ මේ ගොඩනැගිල්ල කඩාදමමින් හැදෙන බිල්ඩිම කාගේද ???

0
143

Screenshot_20201010_115228_com.android.gallery3dමීගමු මහජන දේපල පවුලක පුද්ගලික බුදලයක් සේ සලකා කටයුතු කරගෙන යන ආකාරය මේ දිනවල මිගමුවේ පුලුල් සංවාදයක් මතුව තිබේ.එයට අදාලව මෑතම සිදුවිම වි තිබුනේ මීගමුව ශා.මරියා පිරිමි විදුහලට තවත් අවුරුදු 10කට කාමච්චෝඩේ ක්‍රිඩාපිටිය බදුදිම සහ එහි ක්‍රිඩාගාරයක්ද තැනිමට අවසර දිම ගැනය.ඒ සම්බන්ධයෙන් පළාත් පාලන නීති ප්‍රකාරව මතුවෙන ගැටළු ගැනද සඳහන් කරමින් හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර විසින් පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මහසභා රැස්⁣විමේදි ප්‍රශ්ණයක් මතුකිරිම පිලිබදව උරණ වු නගරාධිපති දයාන් ලංසා චණ්ඩියාට අදිමින් ඒකාධිපතියෙකු කියා තිබුනේ ක්‍රිඩාපිටිය බදුදිම ගැන යෝජනාවේ කිසිදු වගන්තියක් වෙනස් කරන්නෙ නැතිබවය.

ප්‍රජාතන්ත්‍රවාදය පාසැලේදිවත් විධිමත්ව ඉගෙන ගෙන නැති ප්‍රධාන පුරවැසියෙකු මීගමුවට සිටිම කොයිතරම් නම් බරපතල දැයි තේරුම් යන්නෙ ඔහුගේ චණ්ඩිකම විසින් මීගමුට අහිමිකරමින් ඇති අති සුවිශේෂී තැන් පිලිබදව කරුණු සැලකිල්ලට ගැනිමේදිය.

කාමච්චෝඩේ සහ මහවීදිය ප්‍රදේශය යනු පෞරාණික වටිනාකම් සහිත බොහෝ දේවල් ඇති කලාපයකි.විශේෂයෙන්ම ජෝර්ජ් රජුගේ අනුස්මරණ ගොඩනැඟිල්ල (king George memorial building)යනු මින් එකකි.මෙම ගොඩනැඟිල්ල එකල භාවිතා වි තිබුනේ පොලික්ලිනික් එකක් ලෙසිනි.විවිධ රෝගිමය අවශ්‍යතාවයන් සඳහා මෙම මධ්‍යස්ථානයේදි එකල ප්‍රතිකාර කෙරිණි.king George drive යනු ඒ අසලින් දිවෙන පාරකි.ඉන් කියැවෙන්නේ ඒ ගොඩනැගිල්ල සහ අවට ඇති ථෙතිහාසික පෞරාණික වැදගත්කමින් යුතු බවට වන තවත් සාධකයන්ය.මේ පැරණි ථෙතිහාසික ගොඩනැගිල්ල රැක ගන්නවා වෙනුවට එය කෙමෙන් විනාශය කරා ගෙන තැනට පැවැති පවුල් පාලනය කටයුතු කර තිබුණි.දැන් තවත් සෙල්ලමකි.මේ පෞරාණික වටිනකාමක් ඇති ගොඩනැගිල්ල ක්‍රමයෙන් කඩාදමමින් හොර රහසේම තට්ටු 4ක ගොඩනැඟිල්ලක් එහි ඉඳවෙමින් තිබේ.

මහනගර සභාවට අයත් දෙපල මේ ආකාරයෙන් වන ඉඳිකිරිමක් සඳහා අවසර දුන්නේ කව්ද ?

වාර්තා වන අන්දමට මීගමුව ශා.මරියා පිරිමි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් ලංසා පවුලේ පුර්ණ ආශිර්වාදය සහිතව මේ අනවසර ඉඳිකිරිම සිදුකරගෙන යමින් තිබේ මේ සම්බන්ධයෙන් කලවිමසිමකදි නාගරික මන්ත්‍රිවරයෙකු පවසා සිටියේ මහනගර සභාව සතු දේපලක ,ථෙතිහාසික වටිනාකමකින් යුතු පෞරාණික මෙවැනි ස්ථිර ගොඩනැගිල්ලක් ඉදිකිරිමට කිසිදු අවසරයක් මහනගර සභාව විසින් දි නොමැති බවය.

මෙහි ඇති ඊළඟ අරුමය වන්නේ මේ අනිතික කටයුතු සඳහා ක්‍රියාත්මක කරන ආදි ශිෂ්‍ය සංගමයේ අනුශාසකයෙකු වන්නේද ගරු ⁣කතෝලික පියතුමෙකුවිමය.කෙසේ වෙතත් රු කෝටි ගණනක වටිනාමකින් යුත් මහජන දේපලක තමන් ඒ පාසැලේ ඉගෙන ගත් පමණින් ආදිශිෂ්‍ය සංගමයකට දියහැකිදැයි තේරුම් ගන්නවත් බැරි නගරාධිපතිවරයෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වියහැකිදැයි මීගමුවේ බුද්ධිමත් ජනයා කල්පනා කලයුතුව තිබේ.මේ මහජන දේපල කොල්ලයට තවදුරටත්  ඉඩ දෙන්නේ නම් මීගමුවට මිගමුවේ මහජන පොදු ලංසා පවුලේ හිතවන්ගේ බුදල් පමණක් බවට පත්වෙනු ඇත.