බඩගින්නට නිදිවරණ ගෑස් පෝලිම….

0
354
IMG 20220601 WA0026
IMG 20220601 WA0027 1

අද ⁣රටේ සෑම ඉන්ධන පිරවුම් හලකම දිගු පෝලිම්ය. මෙම පෝලිම් අතරට මේ වනවිට ගෑස් පෝලිම ද එකතුවී ඇත . මීගමුවේ සෑම ගෑස් බෙදාහරින මධ්‍යස්ථානයකම ජනතාව පෝලිමේ සිට ගෑස් ලැබෙන තුරු බලාසිටී.

ගෑස් ටැංකි වලට යකඩ පටි සවිකර දම්වැල් දමා ඉබ්බන් ද දමා දිවා රෑ නිදිවර්ජිතව දැඩිසේ ආරක්ෂා කරන මිනිස්සු ගැන මීට පෙර ඉතිහාසයේ අපි අසා තිබේද ?
ගෑස් පෝලිමේ නිදිවර්ජිතව සිටින මේ මිනිස්සු අතර මා පෝලිමට එක්වූයේ පසුවය. ඔවුන් දින 3 ක් තිස්සේ පෝලිමේ ගත කරති .

පාලකයෝ රටේ පාලනය තමන්ගේ පටු අවශ්‍යතාවන් උදෙසා යොදා ගැනීම නිසා අද වනවිට අර්බුද රැසක් සමාජය තුළ නිර්මාණය වී ඇත . ඒනිසා මිනිස් ජීවිත දැඩි අපහසුතාවයකට ලක්ව ඇති අතර දිනෙන් දින බඩුමිල ද ඉහළ යාම නිසා මෙකී තත්වය තවත් තීව්‍ර වී ඇත .

පාර්ලිමේන්තුව තුළ විවිධ අණ පනත් සම්මත කර ගන්නා නමුත් ඒ කිසිවක් ජනතාවගේ යහපත සඳහා නොවන බව මෙතෙක් ඉතිහාසය අපට කියාදෙන පාඩමයි . නමුත් ජනතාව ඔවුන්ගේ බොරු පොරොන්දු , රැවටිලිකාර වදන් වලට රැවටෙති. අද වනවිට එහි වෙනසක් වියයුතු බවට සමාජය තුළ යම් පෙළගැස්මක් ඇති වන බව පෙනේ.

කෙසේ නමුත් ජනතාවක් ලෙස මෙම ගෑස් පෝලිම්, තෙල් පෝලිම් යුගය අවසන් කලයුතුව ඇත . අප ඒ වෙනුවෙන් පෙළ ගැහෙමු.

ජයවේවා !

සැම්සන් ඥානසිරි

IMG 20220601 WA0016
IMG 20220601 WA0022
IMG 20220601 WA0023
IMG 20220601 WA0027
IMG 20220601 WA0021
IMG 20220601 WA0017

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here