බඩගින්න ඉවසගන්න බැරිව සත්තු දැන් ගෙවල් වලට ඇවිත් කෑම හොයනවා !

0
564

Lena 1(12.05 pm ) සත්තුන්ටත් දැන් කෑම හරියට හිගයි.පසුගිය දවසක් අපේ කුස්සියේ ජනේල ලගට ආපු ලේනට අපි කෑම දුන්නා.
අද අපි කෑම කාලා කාමරේට වෙලා ඉන්න කොට කුස්සිසේ සාස්පානේ  පියන් සද්දෙ ඇහුණා.
පස්සේ ඇවිත් බැලුවා,
අනේ අර ලේනා ජනේලෙන් ඇතුළට ඇවිත් වලන් උඩ .කෑම හොයනවා…
ඉතින් අපි ජනෙල් පඩියෙන් කෑම තිබ්බා.
ඔය කන්නේ බත්ඇට අපුරුවට .ඊට පස්සේ ඉතින් උන් එන වෙලාවට අපි ලග තියෙන දෙයක් කන්න දැම්මා.
සමහරක් දවස්වල ඉදිආප්ප. තවත් දවසක විස්කෝතු.
මේ ලේනාත් එක්ක පස්සේ තවත් කුරුල්ලොත් එන්න පටන් ගත්තා .
ඇත්තටම සත්තුන්ට දැන් කන්න නෑ.
ලගදි අපේ පැත්තේ කැරකුණු ගිරව් රැනකට බිත්ති කන්දක් උඩින් පි වී  තිබ්බා.
අනේ උන් ඔක්කොම බැහැල එ්ක කෑවා ,

දැන් මේ සත්තුන්ට පළතුරු කන්න ගස් නැ.ඔක්කොම කපලා ගෙවල් හදන්න.
පහුගිය දවසක මම දැක්කා මයිනෙක් අර බයිට් පැකට් උරයක් අත්තක් උඩ තියාගෙන එකේ කන්න දෙයක් හොයනවා.
දැන් මේ දවස්වල මේ පැත්තේ කෑම හොයමින් කැරකෙන මොණරුත් දැක්කා.


පුලුවන් අය පුළුවන් විදියට මේ සත්තුන්ට කන්න දෙන්න වැඩපිළිවෙලක් හිතමුද?
කෑලැ පැතිවල නම් උන්ට තාමත් කන්න දේවල් ඇති
නමුත් කටුනායක  වගේ තවත් ජනාකිර්ණ පැතිවලදි උන්ට කන්න දේවල්වත් නෑ
බලන්න පුලවන් කෙනෙක් යමක් පටන් ගන්න උන්ගේ බඩගින්න ගැන හිතල ….
සමරක් අය නම් පොඩි තැටියක් තියල ඒකට කෑම දාන්න පුරුදු වෙලා ඉන්නවා. පුලුවන් අය ඒ විදියටවත්  පටන් ගන්න පුලුවන් නම් නාගරික පැතිවල ඉන්න මේ සත්තුගෙ බඩගින්න ටිකක් හරි අඩුකරගන්න පුලුවන් .
සෙලින් ප්‍රනාන්දු