බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක පිපිරිමක් !එක් අයෙක් මිය යයි !

0
70

 

2024.10.14 දින පෙ.ව 7 ට  පමණ බඩල්ගම පොලිස් වස⁣මේ කටාන පාර, බඩල්ගම පිහිටි Haycarb කර්මාන්තශාලාවේ (පොල්කටු අඟුරු වලින් විවිධ නිශ්පාදන කරන ආයතනයේ) බොයිලේරුවක් පුපුරා යාම හේතුවෙන් 19 දෙනෙකු තුවාල ලබා ඇත. ⁣

මොවුන් ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පහල නාරන්ගමුව, ගිරිඋල්ල පදිංචි ජි.එච්.එන්.කුලතුංග (721773370V) යන අය මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

 

පියපේම මාණික්කරත්න