බණ්ඩාරවෙල එළවලු ගොවියෝ අනාථයි ! තක්කාලි රු30යි !ලීක්ස් රු 20 යි ! ගෝවා රු 40යි

0
123

Bandarawela-2020.11.07-2බණ්ඩාරවෙල එළවලු ගොවියෝ තම එළවලු අළෙවිකරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට ලක්ව සිටින බව වාර්තා වේ.

මේ වනවිටත් බණ්ඩාරවෙල, හපුතලේ ගොවියෝ බණ්ඩාරවෙල “වයි හන්දියේ” එළවළු තොග විකුනාගත නොහැකිව සිටිතියා lankatruth  වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ

තක්කාලි, ගෝවා අස්වනු නෙළිම අතහැර දමන මට්ටමට එළවළු මිල පහත වැටී ඇතිබවද ඔවූහු පවසති විශේෂයෙන් රාඔු රුපියල් 10ට, ලීක්ස් රුපියල් 20ට, තක්කාලි රුපියල් 30ට, ගෝවා රුපියල් 40ටවත් අලෙවි නොවන තත්වයක් මතුව ඇති බව ඔවූහු පවසති.

මහ වැස්සේ ආවරණයක් පවා නොමැතිව එම ගොවියෝ අන්ත අසරණ ලෙස වෙළදාමේ නරතවෙති.
මේ අතර බස්නාහිරට පැනවු ඇදිරි නීතිය හේතුවෙන් සිය නිවෙස්වලට පාරිභෝජනය සදහා එළවලු සපයා ගැනිමට නොහැකි ලතවෙමින් සිටිති.
රජය විසින් මහලොකුවට පම්පොරු ගැසු ජංගම රථ කිසිවෙකු බොහෝ තැන්වලට ගොස් තිබුනේ නැත.
ඇතමුන් තැනින් තැන හොරෙන් අලෙවි කරමින් සිටින තැන්වල තක්කාලි කිලෝවක් රු 160කි. ගෝවා රු 200 ආසන්නය. රාබු රු 150 ක් පමණ විය.
ගොවියන්ව මෙන්ම ධිවරයන්වද මහජනයාවද අසරණ කළ මේ පාලකයන්ගේ අසාර්ථකත්වය උපරිමයෙන් ජනතාව අත්දකිමින් සිටින්නේ මේ දෙවන රැල්ල අස්සේයBandarawela-2020.11.07-1