බදුගෙවන ජනයාගේ වැසිකිලි වලවල් ඇදිමත් දැන් පුද්ගලික අංශයට !

0
233

Screenshot_20200209_120232⁣ජනයා බදුගෙවන්නේ සෞඛ්‍ය සම්පන්න නගරයක් නඩත්තු කිරිමේ වගකිම පළාත් පාලන ආයතන වලට පවරමිණි.එහෙත් මේ සමස්ත කටයුත්තම දැන් ෆේල්ය.ඊයේ දිනයේ කොච්චිකඩේදි පාරට පැමිණ උද්ඝෝෂණයක් කළ මව්වරුන් චෝදනා එල්ල කර සිටියේ මිගමුවේ නගරාධිපතිවරයාටය.ඒ මාතෘ සායනයක් අහිමිකර තිබිම ගැනය.එවන් දැ වල සිට වැසිකිලි වලවල් පිරිසිදු කිරිම පවා බදු ගෙවන ජනයා හට දැන් ගැටළුවකි.මේ ඉඩ ලබා ගනිමින් දැන් පුද්ගලික අංශය හැම නගරයකම වැසිකිලි වලවල් පිරිසිදු කිරිම භාර ගෙනය.ඉන් කියැවෙන්නේ පළාත් පාලනය අසාර්ථක වි ඇති තරමය.මිගමුවෙ තත්වය මේ සියලු නගරවලට වඩා භායනක වන්නේ එහි බදුමුදල් පවුලක් නඩත්තු කරවිම සදහා යොදවමින් තිබිම නිසාය.