බදුගෙවන ජනයා ගොනාට අන්දා කොන්ත්‍රාත්කරුවන්ට අතහිත දෙන නගර පාලනයක් !

0
74

sunil silva MC(12.30 pm ) පසුගිය දිනක මීගමුව නගරාධිපති දයාන් ලංසා සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා තිබුණි.එය මෙසේය.
නගර සභාව මගින් මාර්ග හා විවිධ සංවර්ධන කටයුතු උදෙසා මෙතුවක් කල් ක්‍රියාත්මක කළ කොන්ත්‍රාත්කරුවන් යොදා ගැනීමේ ක්‍රියාවලියට බැහැරව යමින් මාගේ සංකල්පයකට අනුව නගර සභා සේවකයන්ම යොදවා සංවර්ධනය කටයුතු සිදු කිරීම අද දින සිට ඇරඹෙන අතර මේ යටතේ සංවර්ධනය කෙරෙන පළමු මාර්ගයේ වැඩකටයුතු අද දින පෝරුතොට කොට්ඨාශයේදි උත්සවාකාරයෙන් දියත් කෙරුණි.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2018.08.09

මින් කියැවෙන්නේ මින්පසු කොන්ත්‍රාත්කරුවන්ට නොදි නගර සභා සේවකයන් විසින්ම මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවය.
බැලු බැල්මට බදුගෙවන ජනයාට මෙය ආශ්වාද ජනයක පණිවිඩයකි. මුහුණු පොතේ  සිිටින ලංසා වාදි සැමටද උඩපැන පැන ලයික් දැමිමට තරම් කරුණකි.
එහෙත් පට්ටම ඇත්ත ඉහත තත්වයට වඩා කොයිතරම් නම් වෙනස්ද ?
ලංසා පවුල් පාලනය විසින් මුහුණ පොත හරහා මීගමුවේ බදුගෙවන ජනයාට කප්පරක් ආතල් දෙමින් මුසාවෙන් මුසපත් කිරිමේ දැවැන්ත මාධ්‍ය සංදර්ශණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් තිබේ.මේ මුසාව ජනයාට කියා දෙමින් ඇත්ත පෙරට ගෙනඒමට මීගමුව ජනතාවගේ ඇත්ත නගර පාලන නියෝජිතයා වන එජාපයද මේ වන විට යම්තරමකට අපොහොසත්ව ඇත.
කොන්ත්‍රාත්කරුවන්ට දිම නවතා ඇතැයි කිවද එය පට්ටපල් බොරුවකි.
මීගමුව සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක වන්නේ කොන්ත්‍රාකරුවන් හරහාය.
මේ කටයුතු සම්බන්ධිකරණය කරනු ලබන මීගමුවේ දැනට සිටින කුප්‍රකටම රාජ්‍ය සේවකයා වන රන්මුතු නම් වු තාක්ෂණික නිළධාරියාය.ඔහු පළමුව වගකියන්නේ රජයට නොව ලංසා පවුලටය.මේකි ව්‍යාපෘති සදහා ඇස්තමේන්තු  සැකසෙන්නේ රන්මුතු අතිනි.
මේ පාරවල් ඇතුළු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සදහා අවශ්‍ය සියළු අමුද්‍රව්‍ය සැපයිම් කරනු ලබන්නේ ලංසා පවුලේ අතිජාත සැපයුම් කරවන් වන ශ්‍රි රාම් සහ බොරළු සමන්තය.
අවසාන වශයෙන් ගාන කැපෙන්නේ ලංසා පවුලටය.
මේ තත්වය තේරුම් ගනිමින් සිටින පොහොට්ටුවේ වෙළද මන්ත්‍රිවරුන් පිරිස දැන් ගේම ඉල්ලන්නට පටන් ගෙනය.
මොනරාගේ පිට නැගි මුස්ලිම් ජනයාව පාවාදුන් ඊසාක් මන්ත්‍රිවරයා කර්මාන්ත කාරක සභාවේ සභාපතිය.
දැන් ඔහු සමිතියක් හදාගෙන ඒ නම යොදා  දළුපත පාරක් හැදිමේ කොන්ත්‍රාත්තුව අරගෙනය. දායන් ලංසා නගරාධිපතිට මේවා බැහැයි කියන්නට දැන් බැරිය.
මන්ද මේ වෙළද මන්ත්‍රිලාගේ ඉල්ලිමට අනුව සැපයුම සිදුනොකරන්නේ කම් මේ කප්පම් නගර පාලනය බිද වැටනෙ දිනය වැඩි ඈතක නොවන නිසාය.ඒ නිසා බදුගෙවන ජනයාට කප්පරක් කෙප්ප සමගින් ආතල් දෙමින් පවුලකට ආතල් එක වැඩිකරගැනිමේ එකායන සැලැස්ම දැන් ක්‍රියාත්මකය.
මේ කටුක ඇත්ත ජනයාට කියා දිමේ වගකිමෙන් මිගමුවේ එජාප නායකත්වයට කිසිසෙත්ම මගහැර සිටිය නොහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here