”බදු අඩුකරන්න ”බදු ගෙවන්නෝ කියති.මන්ත්‍රිලා බදු මුදලින් පිට රට සවාරි ?

0
128

tax issueමීගමුව බදු ගෙවන්නන්ගේ සංගමය 2014 ජුලි 23 වනදා මීගමුව මහනගර සභා වෙත පැමිණ තිබුනේ 2014 සදහා වරිපනම් බදු වැඩි කිරිම 400 % කින් වැඩි වි ඇති බව කියන්නටය.
මේ ඉහල යෑම කිසිසේත් දරා ගතනොහැකි නිසා මීගමුවේ ජනතාවට දැරිය හැකි මට්ටමකට එය අඩුකර දෙන්නැයි ඔවුහු උපනගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්තුමාගෙන් ඉල්ලා සිටියහ.
මේ අතර මීගමුව මහනගර සභාවේ නගරාධිපති උපනගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රි මණ්ඩලයේ 25 දෙනෙකු මහජන බදු මුදලින් පිටරටසවාරියක් යෑම සදහා මේ දිනවල කටයුතු සුදානම් කරගනිමින් සිටිති.
මේ ගමන සදහා රු ලක්ෂ 40 ක වඩා වැඩි මුදලක් බදුමුදල්වලින් වැයවන අතර පසුගිය මාසයේ නගරාධිපති උපනගරාධිපති සහ විපක්ෂ නායකවරයාත් තවත් මන්ත්‍රිවරයෙකුගෙත් චීන සවාරිය වෙනුවෙන් ගුවන් ටිකට් පත් සදහා පමණක් මහජන බදුමුදලින් රු ලක්ෂ 6 ක් වැයව තිබුණ බවද වර්ථාවේ.
ඡායා- එම්.ඉසෙඩ් සහාජාන්