බදු ගිවිසුම් කඩන අය ගැන තින්දු ගන්නේ පොලිසියද? සමුපකාර සේවකයෝද ?

0
137

සුරංග 3මීගමුව සමුපකාරය විසින් බදුදි ඇති භුමියකට අදාලව බදු ගිවිසුම කල් ඉකුත්ව තිබුණද එම භූමියේ පවත්වාගෙන යන වෙලදසැලක් ඒ ස්ථානයෙන් මේ වන තෙක් ඉවත් නොවීමට විරෝධය පලකරමින් මීගමුව සමූපකාර සේවකයෙන් අද දින එම භූමිය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. එම විරෝධතාවය දැක්වීම සදහා සියළුම සමූපකාරවල සේවකයන් කැදවා සිටි බව දක්නට ලැබිණි.
යම්කිසි අකටයුත්තක් සිදුවන්නේනම් ඒ පිලිබදව විරෝධතාවය දැක්වීම සුදුසු වන නමුත්,ගැටළු වලට විසදුම් සෙවිය හැකි මුල්ම පියවර උද්ඝෝෂණයක් හෝ පෙලපාලියක් සංවිධානය කිරීමද? වර්ථමානය වන විට රට තුල සිදුවෙමින් පවතින සිදුවීම්දාමය සැලකීමේදී විරෝධතා පැවැත්වීම දැන් විලාසිතාවක් බවට පත්වන ලකුණු පෙනෙන්නට ඇත.
එම ඉඩම සම්බන්ද වන ගැටළුව නීති මාර්ගයෙන් විසදාගත යුත්තක් යන්න අපගේ හැගීමයි.ඉඩම බදු ගෙන ඇති පුද්ගලයා විසින් බදු කොන්දේසි කඩ කොට ඇත්නම් ඒ පිලිබදව නීතිමය පියවර අනුගමනය කරමින් නැවතත් ඒ ඉඩම ලබා ගැනීමට කටයුතු කිරීමට සමූපකාරය විසින් පලමුව කල යුතු නොවේද යන ප්‍රශ්ණය අප විසින් මෙහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙතද ඉදිරිපත් කළෙමු.ඔවුුන් එම අවස්ථාවට පැමිණ සිටින්නට ඇත්තේ අද දින වරුවක සේවා කටයුතු වලින් බැහැරවී විය යුතුය.එසේ සේවා කටයුතු වලින් බැහැරවීම අයතනයක් වශයෙන් සැලකිය යුතුපාඩුවක් ඇතිකරන නිසාවෙන් නීතිමය කටයුතු පසෙකලා පාරට පැමිණිම ඇත්තටම කාගේ උවමනාවක්ද?

Save