බන්ධනාගාරය ඉදිරිපිට රථ ගාලේ ප්‍රශ්ණයට තාම විසඳුමක් නෑ !

0
42

( 8.00 am ) මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට  පවත්වාගෙන යනු ලබන නිති විරෝධි රථ ගාල බන්ධනාගාරයේ ආරක්ෂාවට ගැටලු රැසක් නිර්මාණය කර ඇතැයිද, මත්ද්‍රව්‍ය ජාවාරම් පවා මෙය මුලික කොටගෙන ක්‍රියාත්මක බවද දැනගන්නට ඇතැයි මිගමුව බන්ධනාගාර අධිකාරිවරයා කියා සිටියේ දෙසැම්බර් මාසයේ පැවැති මිගමුව සම්බන්ධිකරණ කමිටු රැස්විමේදිය.

මේ ප්‍රශ්ණයට අදාල පාර්ශවයන්ද දැනුවත් කොට මෙය විසදාලිමට කටයුතු කිරිමට මුලික විය යුතුව ඇති මිගමුව ප්‍රාදේශිය ලේකම්වරිය ඒ සම්බන්ධයෙන් මසක් ඉක්මවා තිබියදි පවා ක්‍රියාත්මක වි ඇති දැයි සැක සිතේ.

කෙසේ වෙතත් ප්‍රශ්ණය තවමත් එතැනමය. මිගමුව සම්බන්ධිකරණ කමිටුවත් කථා සාප්පුවක් පමණක් වේද යන සැකය දැන් දැන් මතුවෙමින් තිබේ.

ඒ නිසි සංවිධානාත්මක බවක් හෝ සම්බන්ධිකරණයක් නැතිකමක් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති නිසාය.

මිගමුව නියෝජනය නොකරන ඇතැම් රාජ්‍ය නිලධාරින්ට මෙය තවත් එකක් රැස්විමක් වුවද මිගමුවේ ජනයාට සම්බන්ධිකරණ කමිටුව යනු දැනට ඇති වැදගත්ම ව්‍යුහය බව තේරුම් ගැනිමට පරිපාලන සේවයේ ඉහල අයට හැකියැයි අප විශ්වාස කරමු.

එබැවින් ඒ වගකීම් නිසි පරිදි ඉ⁣ටුකිරිමට ඔවුන් අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here