බන්ධනාගාර ඇමති දළුපත, සිරකඳවුරට පැමිණේ. සිරකඳවුරේ නව පාසලක් ද විවෘත වේ.

0
318

පුනුරුත්ථාපන හා බන්ධනාගාර තිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අතින් මෙම නව පාසල විවෘත විය . ඔක්තෝබර් 18 වැනි දින දළුපත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිරකරු දිනය ලෙස නම් කර ඇති අතර ඊට සමගාමීව විවෘත කිරීම් කිහිපයක් සහ මෙම මධ්‍යස්ථානයේ සිටින තරුණ රැවියන්ගේ පවුල් හමුවක්ද මෙදින සංවිධානය කර තිබිණි.

අමාත්‍යවරයා සමගින් මෙම විශේෂ විවෘත කිරිමේ වැඩසටනට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාද්දුපුල්ලේ මහත්මියද සහභාගී වුවාය. මෙම විශෝධන මධ්‍යස්ථානයේ සිටින 08 වන වසර තෙක් පාසල් අධ්‍යාපනය ලැබ එම පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වු තරුණයන්ට ඉදිරි වසර කිහිපය නිසි ලෙස අධ්‍යාපනය ලබා අපොස සාපෙල ආදී රජයේ කඩඉම් විභාග කරා යාමේ අවස්ථාව මෙම නව පාසල තුලින් සැලසේ .

එලෙසම මෙම නව පාසලට අමතරව මෙම විශෝධන මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද බුදු කුටිය සහ බුද්ධ ප්‍රතිමාවද අමත්‍යවරයා අතින් විවෘත කෙරුණු අතර එහිදී පැවැත්වුණු බෞද්ධාගමික වතාවන් වලට අමාත්‍යවරයා ඇතුළු ආරාධිතයින් සහභාගී වුහ. එලෙසම තරුණ රැදවියන් වෙරළ ක්‍රිඩා සදහා යොමු කීරීමේ අරමුණෙන් මෙම මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉදිකල විශේෂ ක්‍රිඩා පිටියක්ද , ඔහු උයනක්ද අමත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. ඉන්පසුව අමාත්‍යවරයා සහ සුදර්ශනී ප්‍රනාද්දුපුල්ලේ මංත්‍රිරවරිය ඇතුළු පිරිස රැදවියන්ගේ පවුල් වල සමාජික සමාජිකාවන් හමුවී සතුටු සාමිචියේ යෙදෙනු දැක ගත හැකි විය.

මෙම වැඩසටහනට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. ඩබ්ලියු. කොඩිප්පිලි පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ලේකම් පී.එස්. විතානගේ , ළුපත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සෙනරත් සේනානායක සහ එහි ප්‍රධාන ජේලර් .පී..පී.දිසානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් පිරිසක්ද සහභාගී වූහ. එලෙසම මෙම විශෝධන මධ්‍යස්ථානයේ රැු`දවියන්ගේ පවුල් වල සමාජික සමජිකාවන් විශාල පිරිසක්ද සහභාගී වී සිටිනු දැක ගත හැකි විය.