බම්බුකුලියේ දී රිය අනතුරකින් සිව් දරු මවක් මිය යයි.

0
62

බම්බුකුලිය ජලසම්පාදන මාවතේ සිදු වු රිය අනතුරකින් 57 හැවිරිදි සිව්දරු මවක් මිය ගොස් තිබේ. පසුගිය ජුලි 16 වැනි සදුදා දින උදෑසන 7.30 ත් 7.40 ත් අතර සිදු වු මෙම රිය අනතුරින් මිය ගියේ කොච්චිකඬේ, බම්බුකුලිය අංක 37/1 නිවසේ විසු මරියා ප‍්‍රනාන්දු මහත්මියයි. එදින සිය මුණුබුරා පාසලට ඇරලවා තමන් යායුතු නිවැරදි අන්තයෙන් ඇය සිය නිවසට පයින් පැමිණෙමින් සිට ඇත. එලෙස එමින් සිටියදී මිනුවන්ගොව ප‍්‍රදේශයේ සිට වැරදි අන්තයෙන් පැමිණි මෝටර් රථයක් ඇයව හප්පා ගොස් තිබේ. ඒ අනුව කොච්චිකඬේ පොලිසිය එම මෝටර් රථය පදවාගෙන ආ තැනැත්තාව ඊට පසු දින එනම් ජුලි 17 වැනිදා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.  එදින සැකකරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.