කුකුල් පැටව් බෙදන තුට්ටු දෙකේ දේශපාලනය දැන්වත් ඉවත් කල යුතුයි..

0
65

DSC01252
හරේන් ප‍්‍රනාන්දු මංතී‍්‍රවරයා මෙලෙස පැවසුවේ පසුගිය 26 වැනි සදුදා දින සවස මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ ගිහාන් ප‍්‍රනාන්දු මහතාගේ නිවාස පරිශ‍්‍රයේදී පැවැති රැස්විමක රැස්ව සිටි ජනතාව අමතමිණි. මෙවර මීගමුව මහා නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ විශේෂ රැස්විම් දෙකක් මීගමුව ,  සහ පෙරියමුල්ල ප‍්‍රදේශයේ සංවිධානය කර තිබුණු අතර ඉන් පළමු වැනි  රැස්වීම පැවැත්වුනේ එම ප‍්‍රදේශයේදීය. මෙහිදී එ.ජා.ප. යේ හරේන් ප‍්‍රනාන්දු  මංතී‍්‍රවරයාට අමතරව පුත්තලම් දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මංතී‍්‍ර නිරෝෂන් පෙරේරා , ගම්පහ දිස්ති‍්‍රක්කයේ දොස්තර ජයලත් ජයවර්ධන , ජෝශප් මයිකල් යන පාර්ලිමේන්තු  මංතී‍්‍රවරුන්ද ශී‍්‍රනාත් පෙරේරා පලාත් සභා මංතී‍්‍රවරයාද ඇතුඵ එ.ජා.ප. කී‍්‍රයාකාරීන් රැසක් මෙම රැස්වීමට සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් රැස්ව සිටි පිරිස ඇමතූ හරේන් ප‍්‍රනාන්දු මංතී‍්‍රවරයා ප‍්‍රකාශ කලේ බයිසිකල් බෙදන කුකුල් පැටව් බෙදන මෙවැනි තුට්ටු දෙකේ දේශපාලනය දැන්වත් ඉවත් කල යුතු බවයි.  එලෙසම ජීවන වියදම අහස උසට නැගීම නිසා ජනතාව හෙම්බත් කල මේ රජයට රතු එලියක්   දැල්වීමටද මෙම මැතිවරණයේදී තම ජන්දය භාවිත කල යුතු යැයි ඔහු අවධාරණය කලේය. එලෙසම අද සමාජයේ විණය සහ නීතිය ගැන කථා කල මංතී‍්‍රවරයා ප‍්‍රකාශ කලේ මේ ඊයේ පෙරේදා පාසලක අවුරුදු 10 ක් වයසැති දරුවෙක් සිය දෙමව්පියන්ද පිටත සිටියදී පොලිස් නිලධාරීන්ද සිටිද්දීත් දූෂණය කර ඇති බවයි. එලෙසම වයස අවුරුදු 80 ක් වන අම්මලාවද දුෂණය කරන තත්ත්වයට අද රට පත්වී ඇති බවද ඔහු පැවසීය. එලෙසම මීගමුවේ ගුරුවරියක් මරා දමා ඇය ගෙල බැදි රන් දම්වැල සොරා ගෙන එම මල සිරුර ඇලක් අසල දමා ගොස් ඇති පුවත ඊයේ දිනයේ පල වූ ලංකාදීප පුවත් පතේ මුල් පිටුවේ සදහන් ව තිබු බවද ඔහු පැවසීය.  අද රටේ සෑම තැනම ගී‍්‍රස් යකුන් ඇති සිටින බවත් ප‍්‍රභාකරන් ඇල්ලූ රජයට එම ගී‍්‍රස් යකුන්ව අල්ලා ගැනීමට නොහැකි වී ඇති බවද ඔහු වැඩි දුරටත් අවධාරණය කලේය.
හම්බන්තොට වරාය පිලිබදව ඔහු ප‍්‍රකාශ කලේ වරාය හැදුවත් නැව් පැමිණීමට නෙැහැකි වරායක් බවයි. මන්ද එහි වීශාල ගලක් ඇති නිසා නැව් පැමීනීමට නොහැකි තත්වයක් මත එම ගල පුපුරවා ඉවත් කිරීමට සුදානම් වන්නේ වරයා විවෘත කල පසුව බවද පැවසූ මංතී‍්‍රවරයා එය හැදින්වුයේ  ’’ හොද්ද ලිපේ – මාඵවා ගගේ ’’ යනුවෙනි.

තුෂාර රොහාන්