බලයා සහ ලින්නා මිළ පහලට…

0
462
dav

පසුගිය කාලය පුරාම මිගමුවේ මාළු මිළ ඉතිහාසයේ කිසිකලක නොවු විරු අයුරින් ඉහල ගොස් තිබුණි.

එසේ ඉහල ගිය මාළු මිළ සැලකිය යුතු අන්දමකින් පහළ ගියේ නැත.

ඊයේ දිනයේ පවා සාලයා කිලෝවක මිළ රු 600ක් විය.

එහෙත් අද බලයා සහ ලින්නා මිළ යම්පමණකින් අඩුවි ඇතැයි අප වාර්තාකරුවෝ පවසා සිටිති.

ඒ අනුව වෙනදා රු 1450ක මිළක පැවැති බලයා කිලෝවක් අද රු 850ක් දක්වා පහල බැස තිබුණි.එමෙන්ම රු 1250ක මිලක පැවති ලින්නා කිලෝවක් අද රු 900කට අඩුවි තිබේ.

මේ අතර සාලයා සහ හුරුල්ලා වැනි මසුන්ගේ බරපතල හිඟයක් පැවැති බවද මිගමු ලෙල්ලමේ අප ආරංචි මාර්ග දක්වා සිටි.

dav