බලය වෙනුවෙන් කරන සියළු ඝාතනවලට එරෙහි වෙමු.-ඉද්දමල්ගොඩ පියතුමා.

0
350

බලය ලබාගැනිම වෙනුවෙන් සිදුකරන ලද ම්ලේච්ඡ ප්‍රහාරයට වසර 4ක් පිරිම නිමිති කරගෙන ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද පාගමන බාල්දි හංදියේ සා.සෙබස්තියන් මුනිඳුන්ගේ සුරුවම ඉදිරියේදි විශේෂ මෙනෙහි කිරිමක්ද සිදුකරන ලදි.

මෙහිදි ඉතා වැදගත් අදහස් දැක්විමක් සිදුකළ ගරු සරත් ඉද්දමල්පියතුමන් අවධාරණය කර සිටියේ බලය වෙනුවෙන් සිදුකර ඇති සියළු ම්ලේච්ඡ ඝාතන හෙළා දැකිය යුතු බවය .

වසර 30යුධ සමයේදි එයට දේශපාලන විසදුමක් ලබා දෙනු වෙනුවට යුද්ධයක් ප්‍රකාශයට පත්කරමින් සිදුකර ඇති ඝාතන සියල්ලද හෙළා දැකිය යුතුයැයි ඉද්දමල්ගොඩ පියතුමන් අවධාරණය කර සිටියේය.