බලලෝභි දේශපාලනයත් , ඒවාට උඩගෙඩි දුන් දේශපාලකයන්වත් එක මිටට තබා පරාජය කරන්නට අදිටන් කරගනිමු !

0
141

IMG_4732Image4( 7.30 am ) අපේ රටේ දේශපාලකයන් යනු කොයිතරම් නම් බල ලෝභින්දැයි කියා මෙනෙහි කිරිමට අද හොදම දවසයි. අන්තවාදි මුස්ලම් ජාතිකයන් පිරිසක් විසින් 300 කට අධික ජිවිත බිලිගත් සිදුවිම සැමරිය හැකි හොදම විදිය නම් ඇත්තටම එවැනි තත්වයක් රටේ ඇති කරන්නට වගකිව යුතු බලලෝභින් නිසි ලෙසින් හදුනාගැනිමය. එපමණක් නොව එවන් බලලෝභින් හට මාධ්‍ය වල ඉඩ දෙමින් සංදර්ශන පවත්වා ඇත්ත වසන් කරන තැනට කටයුතු කරමින් රට ගිනි තැබු ජාතිවාදි වර්ගවාදි අමන මාධ්‍ය කව්දැයි හදුනාගැනිමද අතිශය වැදගත්ය.
සහරාන්ලාගේ සිදුවිම එක් හුදකලා ප්‍රහාරයක් පමණක්ව අවසන් විමෙන් කියා පැවේ එවන් ව්‍යාපාරයක් රටපුරා ව්‍යාප්තව නොතිබුන බව නොවේද? එසේ නම් ඒ කුඩා කල්ලිය සැබැවින්ම පඩි ගෙවා නඩත්තු කලේ කව්ද ? මෙවැනි ප්‍රහාරයක් ගැන මහින්ද රාජපක්ෂද ඇතුලුව 225 දැනගෙන සිටියදි ඇත්තටම ජනතාවට සැබැ ආදරයකින් කථා කර තිබුනේ කව්ද? මැදිහත්වුයේ කව්ද ? ඇතැම් ආගමික නායකයන් මෙය නොදැන සිටියාද ?ආරක්ෂක මණ්ඩලයට අවැසි නියෝජනයන් කැදවා රටේ ආරක්ෂාව ගැන නිසි විමර්ශණයක් නොකළ හිටපු ජනපති සිරිසේන සැබැවින්ම නිදොස්ද?
රටක ව්‍යවසනකාරි තත්වයකට පත්වි තිබියද මම ජනාධිපතිවරණයට ඉදිරිපත්වනවා යැයි කි දේශපාලන නායකයා කව්ද ? එසේ කිවේ ඇයි? රටේ ආරක්ෂාව නැ මට තමයි ඒක හදන්න පුලුවන් යැයි ඔහු එදා කි බව දැන් අපට අමතකද ? එසේ නම් රට ආනාරක්ෂිත තැනකට පත්කලේ කව්ද? ඒ ඇයි ?
මේ සියල්ල ගැඹුරින් විමර්ශණය කළ යුතු නොවේද ?
පසුගිය වසර එසේ වෙද්දි ඊයේ දිනය ගැනද අප එසේම සිතිය යුතුව තිබේ.
මාර්තු 11 වෙනිදායින් පසු වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් හමුවෙමින් තිබියදි මැතිවරණ කොමිසම ජුනි 20 මැතිවරණ දිනය ලෙසින් ප්‍රකාශයට පත්කරයි සැබැවින්ම එය පාලකයන් තුල වු දැඩිම ඉල්ලිමයි. පසුගිය දිනවල මැතිවරණයක් ඉල්ලා කැස කැවු දේශපාලකයන් ගැන සිහියට ගන්න.
බුකි කාරයෙකුගේ හඩ අපට අමතක කළ නොහැකිය. ඩෙංගු හා සසදමින් කොරෝනා ගැන කි කථාවල ඇත්තේ මැතිවරණයක් ගැන ඒ පෙරේතකම මිස අන් කවරක්ද ?
වෙනකක් තබා රටම මාරාන්තික වෛරසයක් හේතුවෙන් අර්බුදයට යමින් සිටියදි අපි මැතිවරණයක් තියන්න ඕනා මොකද අප දිනනවා යැයි කියන සෞඛ්‍ය ඇමතිධුරයක් තියෙන රටක් පාලනයක් ගැන මොහොතකට සිතන්න.
මෙවැනි දේවල් වෙනත් අසල්වැසි රටක සිදුවුයේ නැම්  හොරාගේ අඩවියට වැටුන ගිරවුන් වැනි වු  දෙරණේ චතුරාලා කට උල් කරමින් කියනු ඇත්තේ කවදරක්ද? හිරු නාලිකාවේ හොරාගේ නිවසේ හැදි වැඩුන ගිරවුන් සෙට් එසේ නම් කරනු ඇත්තේ කිනම් ආකාරයේ විග්‍රයක්ද ?
රට විනාශය කරා ගෙනයන්නට ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය අවුලමින් කටයුතු කරන මේ හොරාගේ ගිරවුන්ට ජාතියක සමාව ලැබිය යුතුද ?නැත. සැබැවින්ම නැත. සැබැවින්ම චතුරාලා  මාධ්‍යවේදින් යැයි කව්රුන් හෝ කියන්නේ නම් ජිවිත පරදුවට තබා ලෝකයේ සිය වෘත්තිය ගරුත්වය රකිමින් කටයුතු කරන අයටද අප කියන්නේ මාධ්‍යවේදින් යැයි කියන නිසාම චතුරාල අමතන්නට වෙනත් වචනයක් දැන්වත් සොයා ගත යුතුව තිබේ.
ඒ ඔවුන් සැබැ අර්ථයෙන් මාධ්‍යවේදින් නොවන නිසාය.
මේ රටට අරුත්බර දේශපාලනය සංස්කෘතියක අවශ්‍යතාවය පසුගිය වසරක් තුල, ගෙවුණ  72  දෙවසරක කාලයකටත් වඩා දැඩිලෙසින් අපට මතක් කර දි හමාරය.
අප සැම අද ගැඹුරින් සිහිපත් කළයුත්තේ ඒ කරුණයි.
බලලෝභිත්වය වෙනුවෙන් ජිවිත වලින් වන්දි ගෙවන්නට වු ඒ අසරණයන් සියලු දෙනාට සාධාරණයක් ඉටුකළ හැක්කේ ඒ අයගේ ජිවිත බිලිගැනිමට පාරකැපු ඒ බලලෝභි දේශපාලනයත් ඒවාට උඩ ගෙඩි දුන් දේශපාලකයන්වත් මේ දේශපාලන රගමඩල තුල එකට තබා පරාජය කිරිමෙන්ම පමණි.
කොරෝනා අවසන් වු තැන මැතිවරණයක් පවත්වන්නට ඉඩක් ලබාගන්නේ නම් පමණක් අප මේ සියළු බලලෝභින් එකට තබා පරාජය කරමින් ඔවුන් ගේ බලලෝභි දේශපාලනය හමාර කළ යුතුව තිබේ.
මේ රටට හෙටක් උදාවනු ඇත්තේ එවිට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here