මීගමුව බස්නැවතුම්පල ඉදිරිපිට තම කුඩා ව්‍යාපාරය වූ L E D බල්බ් වෙළඳාමේ නිරතව සිටින තරුණයෙකු වූ මොහොමඩ් රිෆ්හාන් සමග කතාබහක යෙදුනේ ඔහුගේ මෙම ව්‍යාපාරයේ වගතුග දැන ගැනීමේ වුවමනාවෙනි. මේ අනුව කතාවට මුල පිරුවේ මෙසේය.
ඔබ ගැන විස්තර ටිකක් කිව්වොත්….
මම මොහොමඩ් රිෆ්හාන්, මිනුවන්ගොඩයි පදිංචි. කසාද බැඳල, බිරිඳට දරුවෙක් හම්බ වෙන්න ඉන්නව. මම මීට කලින් මීගමුවෙ ප්ලාස්ටික් බඩු වික්ක.පස්සෙ තමයි මේ රස්සාවට වැටුනෙ.
ඇයි මේ රස්සාව තෝර ගත්තෙ?
මම කාලයක් පිටරට හිටියෙ. කටාර් වල, රට ඉදල ආවට පස්සෙ ඉතින් රස්සාවක් කරන්න එපායැ,
මේක පහසුයි. ඒකයි මේ වගේ රස්සාවක් තෝර ගත්තෙ. මම කොළඹින් බඩුගේන්නෙ. එහෙ අඳුරන කෙනෙක් හරහා තමයි බඩු ගන්නෙ.
රස්සාව ගැන සතුටක් තියෙනවද? ආදායම කොහොමද?
සතුටින් තමයි මම රස්සාව කරන්නෙ. මම ජීවත් වෙන්නෙ මේකෙන්නෙ. ආදායම හරියටම කියන්න බෑ.
රු. 1500 ක් 2000ක් විතර ගන්නව. ඊට අඩුවෙන්නත් පුළුවන්, වැඩිවෙන්නත් පුළුවන්. වියදමක් යනව බඩු ගේන්න කරන්න එහෙම.
තරුණ කොටස් විවිධ තරාතිරමේ අනවශ්‍ය දේවල් කෙරෙහි යොමුවී ඇති පරිසරයක මෙවැනි තරුණයින් තමන්ගේ ජීවන අරගලය සඳහා මෙවැනි කටයුත්තක නියැලීම තුලින් ලබාදෙන්නේ ආදර්ශයකි. මෙය අරගලයකි. මෙම රස්සාව වෙනුවෙන් කුඩා හෝ අවධානමක් දැරිය යුතුය. ඒ වෙනුවෙන් වෙහෙස මහන්සි විය යුතුය. මොහොමඩ් ගේ රස්සාව කිසිවෙකුටත් කරදරයක් නොවන , ප්‍රයෝජනවත් රැකියාවකි. එය අගය කළ යුතුය. එබැවින් ඔහුගේ ඉදිරි කටයුතු සාර්තක වේවායි අපි ඔහුට සුභ සුභපතමු.
සටහන – සැම්සන් ඥානසිරි