බල්ලන්ට වාස භවනක්වී ඇති මීගමු රෝහල.

0
45

Hospital dog 2Hospital dog 1

(9.30 am ) මීගමු  රෝහලේ  තැනින්  තැන   විවිධ  වයස්  කාන්ඩවල  බල්ලන්  සැරිසරන  ආකාරය  නිතර  දැකියහැකි  දසුනකි.  සමහර  විට  මෙම  බල්ලන්  වාට්ටුවල  පවා  සැරිසරනු  පෙනේ.  නමුත්  සමහර  රෝගීන්  පවසන්නේ  මෙය  කරදරකාරී  තත්වයක්   ලෙස  පවතින  බවය.  තැනින්තැන    උන්ගේ  කැතකුණු  නිසාත්,  වාට්ටුවල  ගැවසෙන  නිසාත්,  එය  රෝගීන්ට   සෘජුවම  බලපාන  බවද  සමහරු  පවසති. විවිධ  කුෂ්ඨ  රෝග  සහ  මැක්කන් සමඟ  එහාමෙහා  යන එන   මෙම  සතුන්   නිසා  ඒ මගින්  නිර්මාණය  වන්නේ  රෝහලකට  සුදුසු  ආකාරයේ  පරිසරයක්  නොවන බව  පැහැදිළිය.

මේ පිළිබඳව  සමහර  රෝහල්  සේවකයින්  පවසන්නේ   බෙහෙත්  විද  ඇති  බැවින්  ප්‍රශ්ණයක්  නොවන  බවය. නමුත්  බෙහෙත්  විදීම  පමණක්   ප්‍රමාණවත් නොවනබව  සමහරුන්ගේ  අදහසයි.  එසේම  ඔවුන්  පවසන  ආකාරයට  මීට  පෙරද  මෙලෙස  බලු ගහනය  වැඩිවීම  නිසා  වෙනත්  ප්‍රදේශයන්ට  ගෙනගොස්  දැමූ බවත් ,  නමුත්  එය  විසඳුමක්  නොවූ  බවත්ය.    ප්‍රශ්ණය  විසඳීම  සඳහා  මෙම  සතුන්  මරාදැමිය  යුතුයැයි  පැවසිය  නොහැකි  බව  අපගේද  අදහසයි.  නමුත්   රෝහලක්  ලෙස  පවත්වාගෙන  යාමට  මෙම  සතුන්  බාධාවක්  නම්  ඊට  අදාල  යම්  පියවරක්  ගැනීම  වැදගත්ය.එසේ  නොවුවහොත්  බල්ලන්  බෝවීම  නිසා  මෙම  ප්‍රශ්ණය  තවත්  බරපතල  වනු  ඇත.