බල්ලෝ කෑම සෙල්ලම් නෑ ..

0
917

  barking-dog

පිස්සු බලු රෝගය“ හෙවත් ජලභීතිකාව ලෙස හදුන්වන රෝගය පිලිබදව ඔබ අසාඇතිවාට සැකයක් නැත. මෙම රෝගය විශේෂයෙන්ම ඔබ නිවසේ ඇති කරන සුරතල් සතුන්ගෙන් බෝවීම නිසා මේ ගැන දැනුවත්වී සිටීම ඉතා වැදගත් වේ. ජලභීතිකාව යනු මාරාන්තික රෝගයකි.

ජලභීතිකාව කෙලින්ම මිනිසුන්ට වැලදෙන රෝගයක් නොවේ. එය සතුන්ට වැලදෙන රෝගයකි. රෝගය වැලදුන සතෙකු නිරෝගී මිනිසෙකු සපා කෑවොත් එම වෛරසය මිනිසාටද ඇතුළු විය හැක. නමුත් වෛරසය ශරීරගතවීමෙන් පසු නිසි ප්‍රතිකාර නොගතහොත් ජලභීතිකා රෝගලක්ෂණ පහලවී දින 10-14ක් අතර කාලය තුල අනිවාර්‍යයෙන්ම මරණයට පත්වීම වැලැක්වීමට මෙතෙක් ඹෟෂධයක් සොයාගෙන නැත. ඒ නිසා ඒඩ්ස් රෝගයටත් වඩා මේ රෝගය දරුණුබව පැහැදිලිය.

අචලතාපී ක්ෂීරපායී ගණයට ගැනෙන සතුනට මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම වැළදේ. මේ අනුව ජලයට ඇති බිය හෙවත් ජලභීතිකාව බහුලවම වැළදෙන සතුන් ලෙස බල්ලන්,බළලුන්,මුගටියන්, හොතඹුවන්,වදුරන් ,හරකුන්,එළුවන්,නරියන්,කලවැද්දන්,ඌරුමීයන් ප්‍රධාන වශයෙන් දැක්විය හැක. නමුත් ගෙවල් වල සිටින මීයන් සපාකෑම බහුලව දැකගතහැකි වූවත් එම සතුන්ගෙන් රෝගය බෝවන බවට තවමත් සොයාගෙ නැත.

ජලභීතිකාව වෛරසයක් මගින් සෑදෙන රෝගයකි. මේ වවෛරසය රුබ්ඩෝ (Rhabdo) පවුලට අයත් RNA වෛරසයකි. මෙම වෛරසය ශරීරගතවූ විට ස්නායු පද්ධතියට සංවේදී වීම නිසා ඉතා භයානක තත්වයක් ඇතිවිය හැක.

නිරෝගී පුද්ගලයෙකුට රෝගය වැළදෙන්නේ කොහොමද?

ජලභීතිකාව වැළදුන සතෙකු සපා කෑමක් හෝ සීරීමක් මගින් ප්‍රධාන ලෙස මෙම වෛරසය නිරෝගී පුද්ගලයෙකුට ඇතුළු විය හැක. ඊට අමතරව පිටතට නිරාවරණය වී තිබෙන මුඛය, නාසය , ඇස්, වැනි ශ්ලේෂ්මල පටල සහිත අවයවයකට ජලභීතිකාව වැළදී ඇති සතෙකුගේ කෙළ වැටුනොත් , එසේත් නැතිනම් අපේ තුවාලයක් ලෙව කෑවොත් එවැනි විටකදීද රෝග කාරකය ශරීර ගතවිය හැක.

මෙවැනි සතෙකු නෑවීමේදී , සුරතල් කිරීමේදී, කෙළ හෝ මුත්‍රා පෑගුණ විටකදී රෝගකාරකය ශරීර ගතවීමක් වන්නේ නැත.නමුත් එහිදී ඔබේ සම තුවාල වී නොතිබී තිබිය යුතුය.

රෝග ලක්ෂනණ අනුව ප්‍රභේද

1. වියරු පිස්සුව

මෙහිදී සතා නියම පිස්සු බල්ලේකු ලෙස හැසිරේ. ඇස් රතු වීමක් දක්නට ලැබෙන අතර කටින් සෙම වෑස්සීමද දකගත හැකිය. වෛරසය ශරීර ගතවූවන්ගේ 80%ක් පමණ මේ තත්වය පෙන්නුම් කරයි.

2. ගොළු පිස්සුව

මෙහිදී සතා සපාකන්නේ නැත. දගලන්නේද නැත. අතපය අප්‍රාණිකව අදුරු ස්ථානයක ගුලිවී නිදාගෙන සිටී.උගුරේ කටුවක් සිරවී ඇති ආකාරයක් පෙන්වයි.කෑමගැනීම ප්‍රතික්ෂේපකරයි.

නිරෝගී අයෙකුට ජලභීතිකාව වැලදී ඇතිබව දැනගන්නේ කෙසේද?

මිනිසෙකුගේද ඉහතින් දක්වූ ලක්ෂණ හා සමාන ලක්ෂණ දැකගත හැකිය. විශේෂයෙන්ම සුළං ඇති විටෙක හෝ විදුලි පංකාවක් අසල සිටින විටෙක හුස්ම ගැනීමේ අපහසුතාවය ආදිය දැකගත හැකි වන අතර ස්නායු පද්ධතිය ආශ්‍රිත විශේෂ රෝග ලක්ෂණ දැක ගන්නට නැතත් සාමාන්‍ය උණ ගතියක් සමග ඉහත දැකවූ රෝග ලක්ෂණ දැකගත හැක.අවසාන අවස්ථාව දක්වාම රෝගියාගේ සිහිය හොදින් පවතින නිසා ඉතාමත් අවාසනාවන්ත මරණයක් මෙම රෝගීන්ට හිමිවේ.

සැක සහිත සතෙකු සපාකෑමේදී අනුමනය කලයුතු ක්‍රියාමාර්ග

  1. තුවාලය පිරිසිදු ජලයෙන් සබන් ගා හොදින් විනාඩි 10 පමණ සොදන්න.
  2. තුවාලයෙන් තවදුරටත් රුධිරය පිටවේනම් රෝගියා රෝහල් ගතකරන තුරු පිරිසිදු රෙදිකැබැල්ලකින් තුවාලය හොදින් ගැටගසන්න.
  3. වහාම ලගම රොහලට රැගෙන ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්න.නොමිලේ ලබාදෙන එන්නත් සෑම රෝහලකම පාහේ ඇත. මෙහිදී සපාකෑම දරුණු නම් වෛද්‍යවරයා පරික්ෂා කර බලා රේබිස් ප්‍රතිදේහ අඩංගු එන්නතක් තුවාලයට ලබා දේ.එය එන්නත් මාලාවකි.ඒ නිසා එන්නත ලබා ගැනීමට කාඩ්පතෙහි ලබා දෙන උපදෙස් පරිදි නියමිත දින වලදී එන්නත ලබා ගැනීම වැදගත්ය.එමගින් සාර්ථක ලෙස රෝග අවධානමේ මිදිය හැක.
  4. සපාකෑම සුළු එකක්නම් ජලභීතිකා නිවාරණ එන්නත් මාලාව පමණක් ලබා දෙන අතර අදාල පරීක්ෂණ වලදී සපාකෑ සතාට රෝගය තිබුණේනම් පමණක් එන්නත් මාලාව දිගටම ලබාගත යුතුය.

 ජලභීතිකාව දැයි නිශ්චිතවම සොයාගතහැකි පරීක්ෂණ මොනවාද?

සපාකෑ සති දින 14ක් තුල මියයන්නේද යන්න සුපරික්ෂාකාරීව සොයාබැලිය යුතුය. මියගියහොත් සතාගේ මොළය කුණු වීමට පෙර එනම් පැය 8-10 ක් අතුලත හිස නේකර දියර කාන්දු නෙවන බදුනක දමා කොළඹ වෛද්‍යපරීක්ෂණ ආයතනය වෙත හෝ දැනට ඒ සදහාම පිහිටුවා ඇති වෙනත් සායන දෙකක් වන කරාපිටිය ශික්ෂණ රෝහල වෙත හෝ පේරාදෙණිය පශුවෛද්‍ය විද්‍යාලය වෙත යා යුතුය. හිස රුගෙන ඒමට පැය 8-10 කට වඩා කාලයක් ගතවේනම් අයිස්වල බහා හැකි ඉක්මනින් අදාල මධ්‍යස්ථානය වෙත ගෙනයා යුතුය.

  1. ඩිරෙක්ට් ස්මියර් පරීක්ෂණයමෙහිදී මොළයේ සියුම් පටකයක් අන්වීක්ෂ කදාවකට දමා ඊට වර්ණක යොදා නේගර්දේහ (Negerbodies) පරික්ෂා කරණු ලැබේ. පරීක්ෂණ  වාර්ථාව ධන නම් පැය 24ක් ඇතුලත වාර්ථාව ලබා දේ.

2. සනාථ කිරීමේ පරීක්ෂණය

          මෙහිදී ජලභීතිකා ප්‍රතිදේහ තිබේද යන්න පරික්ෂා කරන අතර එහි ප්‍රතිථලය ධන නම් සිම්පලය ලැබී පැය 48ක් ඇතුලත අදාල   පරීක්ෂණ වාර්ථාව සපයයි. සෘණ නම් තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නැත.

සුරතල් සතුන් ජලභීතිකාවෙන් ආරක්ෂා කරගැනීමට ඔබට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද?

මේ සදහා පහසුම හා එකම විසදුම වන්නේ සතුන් නියමිත පරිදි එන්නත් කිරීමයි.

බලුපැටකෙු ඉපදී සති 6ක් තුලදීත්,නැවත මාස 3ක් ගතවූ විටත් , ඉන්පසු සෑම වසරක් පාසාත් ජලභීතිකා එන්නත ලබාදීම වැදගත් කරුණකි.

 

වෛද්‍යවරයා සගරාව ඇසුරිණි.

index1