බලාගෙනයි beach park මරාන්තිකයි..??නගරාධිපති නිහඬයි??

0
124

boatසිරස බිච් වොලිබෝල් තරඟ අද මීගමුවේ වෙරළ උද්‍යානයේ පැවැත්වෙන බවට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් සිදුව තිබුණි. එපමණක් නොව සරුංගල් තරංඟ ඇතුළු තවත් බොහෝ සැණකෙලි මෙහි පැවැත්වෙන අතර ඒ සියල්ලේ අදායම හිමිවන්නේ මීගමුවේ එක් පුද්ගලයෙකු හටය.
පළාත්පාලන නීතියට අනුව උද්‍යාන සහ විනෝද කටයුතු පවත්වාගෙන යෑම පළාත් පාලන අායතනය සතු වගකිමක් වුවද මීගමුවේදි නම් එය භාරව ඇත්තේ තනි පුද්ගලයෙකුටය.
තතු මෙසේ විමේදි මේ පුද්ගලයා හට වැදගත් වන්නේ මුදල් හම්බ කිරිම විනා මහජන සුවසෙත සැලසිම නොවේ.
මෙය කොයිතරම් නම් සත්‍යයක්දැයි හෙළිවන්නේ මීගමුව නගරයේ ඇති අතිශය භායනක මිනිමරු තැන බවට මේ බිච් පාක් එක පවත්ව තිබිමයි. .බිච් පාක්  එකේ මුහුද නොගැඹුරු සේ පෙනුනද එහි අභ්‍යන්තරයේ ඇති බෙන වැනි අවධානම් තත්වයන් නිසා එ්වාට බිලිව අකාලයේ විනාශ වු මිනිස් ජිවිත ගණන අතිවිශාලය.
මේ මාරාන්තික බවේ අවසන් ගොදුර වුයේ කැළණියේ සිට පැමිණ 13 වියැති පිරිමි දරුවෙකි.සරුංගල් යවමින් පිටු පසට යමින් සිටි මේ දරුවා මුහුදට බිලිවිය.
ඒ ගැන  ජනතා ව දැනුවත් කිරිම සදහා මේ දක්වා මේ උද්‍යානයෙන් මුදල් හම්බකරන්නා හෝ මීගමුව මහජනයාගෙන් බදුමුදල් එකතු කරන මහනගර සභාව විසින් සිදුකර නොමැත.
තතු එසේව තිබියදි මේ භායනක තත්වයන් ගැන කිසිදු වැටහිමක් නැති පිටස්තරයන් දහස් ගණන් මෙහි කැදවන සකලාකාර මේලාවන් පවත්වති.

මීගමුව නගරාධිපතිවරයා මේ බරපතල ප්‍රශ්ණය ගැන වගක් නැතිව සිටිනේනේ මේ වෙරළ උද්‍යානයේ අයිතිකරු මීගමුවේ චණ්ඩියා විම නිසාද .. එසෙත් නැති නගරාධිපතිගේ දේශපාලන ගුරාගේ පියා විම නිසාද ????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here