බලු හොරකමේ යන ත්‍රිවීල් කල්ලියක් CCTV එකෙන් මාට්ටුවෙයි !

0
51

බලු හොරකම 2පිය පුතු දෙනෙකුද හවුල්ව ත්‍රිරෝද රථවලින් ගොස් තමන් සමගින් කුලි ගමන් යන නිවැසියන්ගේ මිළ අධික බල්ලන් හොරකම් කිරිමේ යෙදෙන කල්ලියක් ගැන තොරුතුරු හෙළිව තිබුනේ CCTV මේ එක් හොරකමක් සිදුකර තිබුණ නිවසක් අසල වු CCTV කැමරාවකිනි.
මීගමුවෙ අසිරිමත් දේවමාතා පාසැල කිට්ටුවෙන් වු ස්ථානයකදි තමන් විසින් වෙනදා කුලි ගමන් යන නිවසක් ආසන්නයේ ත්‍රිරෝද රථය නවතා එම නිවසේ වු මිළ අධික රොට් වෑල් නම්වු වර්ගයට අයත් බල්ලෙකු හොරකම් කරන අයුරු කදිමට CCTV පද්ධතියේ සටහන්ව තිබේ.මෙය සිදුව තිබුනේ පසුගිය පෙබරවරි 10 වනදා රාත්‍රි 10.20 ට පමණය
මේ ආකාරයෙන් මීගමුව නගරයේ ස්ථාන කිපයකින්ම මෙවැනි බලු සොරකම් වාර්ථා වි තිබුණි.
කෙසේ වෙතත් මේ බලු සොරුන් තවමත් නිදැල්ලේ බවද සැලය..

Save