බස්නාහිර අගුලු දැමූ හමුදාපතිගේ “රාජකීය අණඥාව” නීති විරෝධීයි (වීඩියෝ)

0
65
ලබන සතිය උදාවනතුරු බස්නාහිර පලාතෙන් පිටවීම වළක්වමින් තහංචි පැනවීමට

හමුදා ප්‍රධානියාට නීතියෙන් කිසිදු බලයක් ලබා දී නැති බව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත්විය.

නොවැම්බර් 11 බදාදා පස්වරු 7.30 සිට ලබන 15 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිවකුටත් බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කළ නොහැකි බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

ඊට පසුදා පාර්ලිමේන්තුව ඇමතූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් හමුදාපති නියෝගය අවඥාවෙන් යුතුව සම කරනු ලැබුවේ රජකු විසින් පනවන අණක් ප්‍රකාශයට පත් කිරීමක් ලෙසය.

”පාර්ලිමේන්තුව ඇමතූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් හමුදාපති නියෝගය අවඥාවෙන් යුතුව සම කරනු ලැබුවේ රජකු විසින් පනවන අණක් ප්‍රකාශයට පත් කිරීමක් ලෙසය.”

“ඊයේ රාත්‍රියේ අපිට රාජකීය අණඥාවක් ගැන දැනගන්න ලැබුණා,” යි TNA මන්ත්‍රී සුමන්දිරන් පසුගිය වසරේ රජයේ වියදම් අනුමත කරගැනීම සඳහා පැවති පාර්ලිමේන්තු විවාදයට සහභාගි වෙමින් පැවසීය.

“නොවැම්බර් 15 දා මධ්‍යම රාත්‍රිය වෙන තුරු කිසිම කෙනකුට බස්නාහිර පළාතෙන් පිටවන්නට වහාම ක්‍රියාත්මක වන පරිදි කිසිම අවසරයක් නැති බව කියැවෙන මේ රාජකීය අණඥාව හමුදාපති විසින් නිකුත් කරලා තියෙන්නේ හමුදාපති හැටියට. මං අහන්නේ කොයි නීතියක් යටතේද හමුදාපති එහෙම නියෝගයක් නිකුත් කරන්නේ?

 

ආණ්ඩුවේ කාට හරි මට ඒකට උත්තරයක් දෙන්න පුලුවන්ද? හමුදාපතිට එහෙම අනඥාවක් නිකුත් කරන්න පුළුවන් කොයි නීතිය යටතේද? මේක හරියට රාජකීය අණඥාවක් වගේ. තම ස්වාමියා වන රජ්ජුරුවන්ගේ අණ ඔහු මහජනතාවට දැනුම් දෙනවා. මේ රටේ වැඩ වෙන්නේ එහෙමයි. මේවා නිර්ලජ්ජිත, මුලුමනින්ම නීති විරෝධී ක්‍රියා.”

විවාදයට ගන්නා ලද 2020 විසර්ජන පනත් කෙටුම් පතද ආණ්ඩුව විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී අයුරින් කරන ලද වියදම් පාර්ලිමේන්තුව ලවා නීතිගත කරවා ගන්නට දැරෙන උත්සාහයක් ලෙස සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ හෙලා දැකීමට ලක්විය.

”විවාදයට ගන්නා ලද 2020 විසර්ජන පනත් කෙටුම් පතද ආණ්ඩුව විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී අයුරින් කරන ලද වියදම් පාර්ලිමේන්තුව ලවා නීතිගත කරවා ගන්නට දැරෙන උත්සාහයක් ලෙස සුමන්දිරන් මන්ත්‍රීවරයාගේ හෙලා දැකීමට ලක්විය.”

ගතවූ වසරේ රාජ්‍ය වියදම් සඳහා මේ තාක් අයවැය යෝජනාවක් සම්මත කරගෙන නැත.

පාර්ලිමේන්තු සම්මතයකින් තොරව රජයට මුදල් වියදම් කළ හැකි වන්නේ නිශ්චිත මහජන සේවා සඳහා පමණක් බව ව්‍යවස්ථාවේ වගන්ති ගෙනහැර දක්වමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා සභාව හමුවේ පෙන්වා දුන්නේය.

එය නොතකා පසුගිය අවුරුද්දකට ආසන්න කාලය තුල සංවර්ධන කටයුතු හා සුබසාධනය  වෙනුවෙන් ආණ්ඩුව කළ වියදම් මෙන්ම ණයට ගැනීම්ද නීති විරෝධී බව ඔහු තර්ක කළේය.

කෝවිඩ් 19 රටට ඇතුල් වූ මුල්ම කාල වකවානුවේ නීත්‍යානුකුලව රාජ්‍ය වියදම් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවාගැනීම අරමුණු කොටගෙන කරන ලද ඉල්ලීම කරුණු නොදක්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීමද “විහිළුවක්” ලෙසින් මන්ත්‍රීවරයා විසින් දෝෂ දර්ශනයට ලක් කරන ලදී.

එම තීන්දුව ආණ්ඩුවට හිතුමතේ මුදල් වියදම් කිරීමට හා ණයට ගැනීමට මග පෑදූ බව ජනාධිපති නීතිඥවරයකුද වන  එම් ඒ සුමන්දිරන්ගේ අදහස විය.

“නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ මුරගල යැයි කියනු ලැබේ. නීතියෙන් පාලනය කිරීමද යෝග්‍ය කටයුත්තක් නොවේ. එහෙත් දැන් ඇත්තේ වඩාත් නරක තත්වයකි. දැන් ඇත්තේ නියෝග මගින් පාලනය කිරීමකි,” යි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ අනතුරු ඇඟවීය.

“නීතියේ ආධිපත්‍යය ප්‍රජාතන්ත්‍රවාදයේ මුරගල යැයි කියනු ලැබේ. නීතියෙන් පාලනය කිරීමද යෝග්‍ය කටයුත්තක් නොවේ. එහෙත් දැන් ඇත්තේ වඩාත් නරක තත්වයකි. දැන් ඇත්තේ නියෝග මගින් පාලනය කිරීමකි,” යි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ අනතුරු ඇඟවීය.

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ විසින් පසුගිය වසරේ  ආදායම් වියදම් අනුමත කරවා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද 2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරවම පාර්ලිමේන්තුවේ දී සම්මත විය.