බස්නාහිර පළාතෙන් පිටට යෑම නොවැ 15 දක්වා තහනම් කෙරේ !

0
68

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින්ට වෙනත් පළාත් සඳහා සංචරණය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ලබන 15 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම තහනම ක්‍රියාත්මක බවය.

මේ අතර හුදකලා කරඇති ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුළුවීමට කිසිවෙකුට ඉඩ නොතබන්නැයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බස්නාහිර පළාතේ සිට සෙසු පළාත්වලට සිදුකරන සංචරණය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා පවසා ඇත.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් කාර්ය සාධක බලකාය අද (11) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර අද රාත්‍රී 10 සිට 15 වැනිදා දක්වා දුම්රිය වලට බස්නාහිර පළාතට ඇතුළු වීමට අවසර ලබා දී ඇතත් පිටවීමට අවසර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත
ඒ අනුව බස්නාහිර පළාතෙන් පිටවන දුම්රිය අලුත්ගම , අඹේපුස්ස , කොච්චිකඩේ සහ අවිස්සාවේල්ල බලා පමණක් ධාවනය වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ
නිවේදනය පහතින්