මේ බොහෝ අවස්ථාවල සිදුවන්නේ අදාල අසාධාරණයට ලක්වු මගියා තනිවම කොන්දොස්තර සමගින් රණ්ඩු කර ගැනිමය.
එසේ කැගසා බස් එකෙන් බැස යනවා මිස ඒවා පැමිණිලි බවට පත් නොවේ.
එබැවින් ඒ සියළු අවස්ථාවන්හිදි පැමිණිලි කරන්න .
එම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ බස්රථවල හිමිකරුවන් සහ සේවකයින් ගෙන්වා කරුණු විමසිමට ජාතික ගමනා ගමන කොමිසම සුදානම් බව පසුගිය දිනවල යළිත් අවධාරණය කර තිබුණි.
එබැවින් චණ්ඩි කථා නවතා කෝල් එකක් දිම ගැන අවධානය යොමුකරන්න.
0112 59 55 55 දුරකථන අංකය දවසේ පැය 24 පුරා පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරිමට හැකි බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.