බස් එක කැඩුනොත් ?

0
113

පෙබ්‍රවාරි 26 වනදා  කොළඹ බලා යාමට පිටත්වූ  පුද්ගලික බස් රථයක් තෙල්වත්ත හන්දියේදී
නැවැත්විණී. බසයේ කොන්දොස්තර මහතා මගීන්ට එදැනුම් දුන්නේ  බසයේ කාර්මික දෝෂයක්   ඇති බැවින් මෙතිනින් එහාට ගමන් කළ නොහැකි බවයි.  බසයේ සිටි සියල්ලෝම දොස් තබමින් බසයෙන් බැස්සේ අඩුම තරමේ තමන්ව නැවත මීගමුව බස්නැවතුම්පොළටවත් ඇරලන ලෙස පවසමිනි. නමුත් කොන්දොස්තර හා රියදුරා එතරම් කාරැණික වූයේ නැත.ඔවුන් සිදුවූ  වරදට සමාවවත් නොඉල්ලා අහංකාර ලෙස පිටත්ව ගියේය.
වෙළදාම සදහා එළවලු හා තවත් දෑ ගෝනි කීපයක් පටවා ගත් අම්මා කෙනෙකු සහ
විශාල ගමන් මලු අතැතිව සිටි විදේශ යුවලක් ද බසයෙන් බැස්සේ මහත් අපහසුතාවයට
පත්වීමෙනි.  මේ වගේ අවස්තාවක මගීන් වන අපට කළ හැකි එකම දෙය වන්නේ
මෙම බසය ගැන  අදාළ ආයතන වෙත දැනුම් දීමයි. නැතිනම් ඒ මොහොතේදී
බස් රියදුරාට  දෝස තබා පළක් නැත. ඔවුන් ඒ වරද නැවත නැවතත් සිදුකරති.
ඔබ පැමිනිලි කළ යුත්තේ
මාර්ගස්ථ කොමිෂන් සභාව ගම්පහ – 011 2247160
මීගමුව බස් නැවතුම්පල – ස්ථානාධිපති – -078 – 5135427