බසියාවත්ත ශා.පීතර විද්‍යාලයේ පාලනය අරාජික ද?

0
630

Basiya1මීගමුව අධ්‍යාපන කලාපයට අයත් බසියාවත්ත සාන්ත පීතර විද්‍යාලයේ ඇතිවී තිබෙන අඩුපාඩු රැසක් හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන දරුවන්ට පාසල් වටපිටාව  තුළ අයහපත් හා අනාරක්ෂිත  පරිසරයක් නිර්මාණය වී ඇති බවට දෙමාපියන් චෝදනා කරති.
පාසලේ පන්ති කාමර වලට දොරවල් හෝ නොමැතිවීම හේතුවෙන් ඒවා පිරිසිදුව ,පිළිවෙලට පවත්වාගැනීමට නොහැකිව ඇති අතර රාත්‍රී කාලයේදී විවිධ අපචාර කටයුතු වලට මෙම පන්ති කාමර යොදා ගන්නා තත්ත්වයක්ද පවතින බව ගම්වාසීන් චෝදනා කරති.
පාසලේ වැසිකිලි ළමුන්ට පාවිච්චි කළ නොහැකි තරම් අපිරිසිදු තත්ත්වයක ඇති අතර  ගැහැණු දරුවන් මෙම වැසිකිලි පාවිච්චි නොකරන බවද දෙමාපියන් පවසති.  ගමේ දරුවන්ව මෙම පාසලට ඇතුළත් කිරීමේ වර්ධනයක් වෙනුවට පාසල ගම තුළ ජනප්‍රියත්වයෙන් හා පිළිගැනීමෙන් පහලට වැටී ඇති බවට බොහෝ චෝදනා පවතී.

මෙම තත්ත්වයට වර්තමාන විදුහල්පතිනිය වගකිවයුතු බවට දෙමාපියන් චෝදනා කරන අතර ඇය පාසල් සංවර්ධන කමිටුව වසරකට වැඩි කාලයක් තුළ  පැවැත්වීමට කටයුතු කර නොමැති  බවට ද චෝදනා තිබේ. පාසලේ උදාවී ඇති මෙම අඩුපාඩු සහ එයට හේතුවක් වී ඇති වර්තමාන විදුහල්පතිනිගේ දුර්වල පාලනය පිළිබඳව පෙත්සමක් මීගමුව අධ්‍යාපන කලාප කාර්යාලයට ද බාරදී ඇති බවට වාර්තා වේ. එමෙන්ම මෙම අරාජිකත්වයට හේතුවී ඇති බොහෝ කරුණු සලකා බලා සුදුසුකම් ඇති ශ්‍රේණිගත විදුහල්පතිවරයෙකු පාසලට ලබාදෙන ලෙසද දෙමාපියන් අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.තුෂාර රොහාන්