බහුදින යාත්රා සියල්ලම පාහේ මුහුදු නොගොස් ගොඩට එන වසරේ වැදගත් අවස්ථා දෙකක් තිබේ.එකක් නත්තලය.අනික පාස්කුවයි.මිගමුව කලපුව තුල මෙසේ නිසොල්මනේ නවතා තිබෙන සිය ගණනක් වු බහුදින යාත්රා දැන් සති ගණනාවක් පුරාවට මුහුදට දියත් කෙරුනේ නැත.ඒ කොරෝනා තත්වය සහ පාස්කුවට ගොඩබිම සිටිමට ධීවරයන්ට ඇති උවමනාව නිසාවෙනි.කෑමෙන් පමණක් නොව බීමෙන්ද වැලකෙමින් දින 45ක් පුරාවට මිගමුවේ බහුතරයක් ධීවරයෝ එක්වරු රකිති.එහෙත් ඒ දින 45ට හරියන්නට පාස්කු ඉරිදාව ජයටම සමරති.එහෙත් මෙවර පල්ලි යෑමට පමණක් නොව මස් මාංශ මෙන්ම ඇගරත්කරන බීමටද වැට බැදිඇත.