බ්ලොග්කරුවෙක් අත්අඩංගුවට …

0
64

blogsපසුගිය ජුලි 31වන දින බහරේන් බ්ලොග් ක්‍රියාකරවන්නෙකු වන මොහම්මඩ් හසාන් ඔහුගේ නිවසේදීම එරට පොලිස් අත්අඩංගුවට ගැණිනි. පොලීසිය එහිදී ඔහුගේ සියලුම විද්‍යුත් උපකරණ රාජසන්තක කළ අතර ඒ සඳහා ඔවුන්ට වරෙන්තුවක්ද ඇති බව බවසා සිටියහ.මෙලෙස අත්අඩංගුවට පත් වූ මොහොම්මඩ් Safy නමින්ද හැදින්වූ අතර ඔහු ග්ලෝබල් වොයිස්හි අන්තර්ජාල අයිතිකරැවෙකු වූ අතර බහරේන් කලාපය ආවරණය කරන්නෙකුද විය.

ඔහුව අත්අඩංගුවට ගැනීම පිළිබදව අදහස් පල කල අරාබි ජාතික විචාරකයෙකු වන Sultan Al Qassemi පවසා සිටියේ මෙම පුවතින් තමන් වඩාත් කනගාටුවට පත්වන බවත් මෙලෙස අත්අඩංගුවට  ගැනීම් එම කලාපයේ කාලයේ සළකුණු බවත්ය.

එලෙසම 2011 මාර්තු මස අත්අඩංගුවට පත්වූ Mohammed Al Maskati ප්‍රශ්ණ කරන්නේ අපි අපගේ ගමන්මළු අසුරා ගත යුතුද ඊලඟට කවුරැන් අත්අඩංගුවට පත්වනනේද යන්න පිළිබදවයි.

මෙලෙස බහරේනය පුරාම පසුගිය 2011 වසරේ පෙබරවාරි මස සිටම දේශපාලන හා ආර්ථික කටයුතු සඳහා මිනිසුන් දහස් ගණනක් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්ථා වෙයි.