(1.00 pm ) ඊයේ (16) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 382 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඉන් පුද්ගලයින් 374ක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීක මුහුදු ආරක්ෂකයින් 5 දෙනෙකු වන අතර තිදෙනෙක් විදේශීය මුහුදු ආරක්ෂකයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළෙඳසැළට සම්බන්ධ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 14,154ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නැවත කඩිනමින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් විවෘත කරන බවත් එහි දී තොග වෙළදාම පමණක් පළමුව සිදුකරන්නට අවශ්‍ය කටයුතු සිදු කෙකෙරමින් පවතින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත
මුලාශ්‍රය – ලංකාදිප