එම 202 දෙනාගෙන් 140 දෙනෙක් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වලින් හමුවූ බව සඳහන් වන අතර මේ දක්වා මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් හමු වී ඇති ආසාදිතයින් ගණන 5,607ක් දක්වා ඉහල ගොස් තිබේ.
මේ අතර පසුගිය දිනවල සිදුකරන්නට යෙදුන විශාල PCR පරික්ෂණ ගණනක ප්‍රථිපල දින ගණනාවක් පමාවිම හේතුවෙන් දැනටමත් ගැටළු රැසක් මතුව තිබේ.
පසුගිය සිකුරාදා මිගමුවේ දි සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණ 320 ප්‍රථිපල මේ දක්වා ලැබිනොමැත. මේ පිරිස අතර 100 කට ආසන්න ප්‍රමාණයක් පෑලියගොඩ මාළු වෙළඳ සැල හා සෘජු සම්බන්ධතා පැවැත්වු ධිවර ව්‍යාපාරියක්යන්ද වෙති