බ්‍රැන්ඩෙක්ස් ගින්න පිළිබදව මීගමුව ගිනි නිවන ඒකකයටත් චෝදනා ??

0
291

fire-අද උදෑසන 7.46 පමණ කටුනායක නිදහස් වෙළද කලාපයේ බ්‍රැන්ඩෙක්ස් ආයතනයේ හටගත් ගින්නක් හේතුවෙන් කර්මන්ත ශාලාවේ එක් පැත්තක් මුළුමනින්ම ගිණිගෙන දැවි ඇතැයි වාර්ථා වේ.
විදුලි කාන්දුවක් මේ ගින්නනට හේතුවිය හැකි බවට සැකයක් දැනට පවති.
ඉක්මනින් පැතිර ගොස් ඇති මේ ගින්න නිවිම සදහා මීගමුවේ ගිනි නිවන ඒකකයට දැනුම් දි තිබුණද එය එහි ලගා වි තිබුනේ පෙ.ව 9 පසුවි බව කර්මාන්තශාලා ආරංචි මාර්ග දක්වා සිටි.
එහෙත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව ගිණි නිවන ඒකකයේ ආයතන ප්‍රධානි පවසා සිටියේ තම ආයතනය වෙත නගරාධිපතිවරයා මගින් පණිවිඩය පැමිණ ඇත්තේ අද උදෑසන 9.06 ට බවය.
කෙසේ වෙතත් මේ ගිණි මෙහෙයුම සදහා ගිණි නිවන ඒකක 3 ක් සමබන්ධ වි තිබුණ අතර අවසාන වශයෙන් එහි ලගාවි තිබුනේ මීගමුව ගිනි නිවන ඒකකයයි.
ගිනි නිවිමේ මෙහෙයුම සදහා අයෝජන ප්‍රවර්ධන කලාපයේ ගිනි නිවන රථ මෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගිනි නිවන රථද එක්ව තිබුණි.