බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ නම් හෙළිකරන්න – සුමන්තිරන් ඉල්ලයි

0
52

 

 

පසුගිය පාලන සමයේ මත්පැන් බලපත්‍ර ලබා ගැනීමට සහ බෙදා හැරීමට සම්බන්ධ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ දේශපාලනඥයන්ගේ නම් වහාම හෙළිකරන ලෙස ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. විශේෂයෙන්ම රට පුරා සුරාසැල් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ විනිවිදභාවයේ අවශ්‍යතාව ද හෙතෙම පෙන්වා දෙයි.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මෙම සුරාසැල් විවෘත කිරීමට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගේ ලැයිස්තුව නිකුත් කරන ලෙස ද ඒ මහතා රජයෙන් ඉල්ලා සිටියේය.