බාල්දි ක්‍රීඩාංගනයට බොරළු පිරවීමට ලක්ෂ 17 ක් ?

2
177

මීගමුව – වැල්ලවීදියේ පිහිටා ඇති ‘බාල්දි ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම සදහා ලක්ෂ 17 80 947 ක් වියදම් කිරීමට  මීගමුව මහ නගර සභාවේ කොමසාරිස්වරයා  විසින්  අනුමැතිය දී  තිබේ. එමෙන්ම  මුදල් කාරක සභාව විසින් ද 2014 ජනවාරි 22 වනදා  මෙම ලක්ෂ 17 කට අධික මුදල බාල්දි පිට්ටනියේ බොරලු පිරිවීම සදහා වියදම් කිරීමට අනුමත කර ඇත.
මෙම පිට්ටනියේ බොරළු පිරවීම සදහා පමණක්   ලක්ෂ 17ක බොරලු අවශ්‍යද යන්න ගැටලුවක් මතුවේ. මෙම බොරලු පිරවීමේ ව්‍යාපෘතිය සදහා මීගමුව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලය විසින් අවසර දී  ඇත්තේ  ,අංක 150/ඒ ,උතුරු මුන්නක්කරය, මීගමුව, සාන්ත මරියා ග්‍රාම සංවර්ධන සමිතිය නම් සමිතියකටය.  ඒ 2014 ඔක්තෝම්බර් 01 වනදායි. ඒ අනුව මීගමුව කොමසාරිස්වරයා විසින් මෙම මුදල අනුමත කර ඇත.
මුදල් කාරක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සිටින අතර ඔවුන්ට ද මේ පිළිබදව විරෝධයක් හෝ විවේචනයක් නොතිබුණා ද? එවැන්නක්  දැනගන්නට නොමැති අතර මෙතරම් මුදලක් බොරලු පිරවීම සදහා  නම් වැය නොවන අතර එයින් භාගයක්වත් වැය විය හැකි බව ගණන් බැලිය හැකිය.

වර්තමාන පාලනයට මසක් පිරීමට ඇත්තේ තව දින කීපයකි. ඒ අතර රටේ  හිටපු පාලකයන් මහජන මුදල් නාස්ති කළ ආකාරය ගැන රටම දැනුවත් වෙමින් සිටිති. තොරතුරු දැනගැනීමේ අයිතිය  ද ඉදිරි දින ඇතුළත බලගැන්වීමට නියමිතය.
බාල්දි පිට්ටනියට වෙන්කළ එම ලක්ෂ 17 නියමාකාරව ප්‍රමිතියක් සහිත කළ බොරළු පිරවීමක් ද නැතිනම්  එම මුදලින්  තවත් පුද්ගලයෙකුගේ හෝ කීපදෙනෙකුගේ සාක්කු පිරීවමට නියමිතද  යන්න කිව හැක්කේ කාටද ?  IMG_6730

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here